Search

Search YK Vehicle Technology

Thursday 16 December 2021

YK Car Reviews – කියා පිකැන්ටෝ (Kia Picanto)

 

YK Car Reviews – කියා පිකැන්ටෝ (Kia Picanto)

අපි අදත් Lifie Car Reviews වලින් කතා කරන්න යන්නෙ කතා ක​ළ යුතුම වාහනයක් ගැන. ඒ තමයි කියා සමාගමේ නිර්මාණයක් වෙන පිකැන්ටෝ කියන Hatchback කාර් එක. මේ වාහනේ ගැන කියන්න කලින් කියා සමාගම ගැන ටිකක් කියල ඉන්න ඕනෙ. හේතුව ලංකාවේ ගොඩක් අය කියා වාහන සම්බන්​ධයෙන් එච්චර හොඳ ආකල්පයකින් නෙමෙයි ඉන්නේ. කියා කොම්පැණිය තමයි දකුණු කොරියාවේ දෙවෙනි විශාලතම වාහන නිෂ්පාදන සමාගම සහ පැරණිම වාහන නිෂ්පාදන සමාගම. කොහොම උනත් මේ වෙද්දී කියා සමාගමේ කොටස් අයිතියෙන් වැඩි ප්‍රමා​ණයක් හ්යුන්ඩායි සමාගම සතු නිසා ඒ ආයතනයේම කොටසක් විදිහට තමයි මේ සමාගම වැඩ කරන්නේ. අපේ කොම්පැනි දෙකකින් එලියට ආපු එකම ජාතියේ වාහන ආර්ටිකල් එක කියෙව්වා නම් එකෙත් තිබ්බ මේ සමාගම් දෙක ගැන සහ ඒවාට පොදු වෙච්ච වාහන මොඩල් එකක් ගැන. 

කොම්පැනි දෙකකින් එලියට ආපු එකම ජාතියේ වාහන

කොහොමින් කොහොමහරි කියන්න තියෙන්නේ කියා කියන්නේ ලෝකයේ හොඳම තාක්ෂ​ණය පාවිච්චි කරලා වාහන නිෂ්පාදනය කරන ආයතනයක් කියන එක තමයි. හරි අන්න ඒ වගේ දියුණු සමාගමකින් නිෂ්පාදනය කරන වාහනයක් තමයි පිකැන්ටෝ කියන්නේ. මේ වාහනේ ගැන බජට් එක​ට වාහනයක් ගන්​න හොයන අයට ගැලපෙනම කාර් 7ක් කියන ආර්ටිකල් එකේදිත් පොඩියට කතා කළා. හරි මේ ආර්ටිකල් එකෙන් ටිකක් ලොකුවට කතා කරමු.

බජට් එක​ට වාහනයක් ගන්​න හොයන අයට ගැලපෙනම කාර් 7ක්

මේ වාහනේ මුලින්ම නිෂ්පාදනය කරන්න පටන් ගන්නේ 2004දී. ලොකු ඉතිහාසයක් තියෙන වාහනයක් නොවුනට මේ වෙද්දී ජෙනරේෂන් තුනක වාහන එලියට ඇවිත් තියෙනවා. කොහොම උනත් අද අපි කතා කරන්නේ 2017 දී එලියට ආපු පිකැන්ටෝ එකේ තුන් වෙනි ජෙනරේෂන් එකේ මොඩල් එක ගැන. 

 

 

1. විශේෂාංග

 

ෆුල් ඔප්ෂන් වාහනය තියෙන්න ඕනෙ ඔක්කොම විශේෂාංග මේ වාහනේට ඇතුලත් කරන්න නිෂ්පාදකයා සමත් වෙලා තියෙනවා. විස්තර වශයෙන් කිව්වොත් පවර් ස්ටියරින්ග්, පවර් මිරර්, Bluetooth  පහසුකම එක්ක DVD ප්ලේයර් එකක්, Cruise Control වගේ තව ගොඩක් ඔප්ෂන් මේ වාහනේ එක්ක ලැබෙනවා. 

 

 

2. ආරක්ෂාව

මේ වාහනේට දීල තියෙන ආරක්ෂාව සම්බන්ධ තත්ත්ව සහතික ගැන කිව්වොත් Euro NCAP පරීක්ෂණයට මුහුණ දීල සැලකිය යුතු මට්ටමක් ලබාගෙන තියෙනවා. මේකේ Standard මොඩල් එක මේ පරීක්ෂණයෙන් තරු පහෙන් තුනක් දිනාගෙන තියෙනවා. ඒ වගේම Safety Pack මොඩල් එක තරු පහෙන් හතරක් දිනාගෙන තියෙනවා. විශේෂයෙන් මතක තියාගන්න ඕනෙ ඉන්දියන් ඇල්ටෝ එකට එක තරුවක්වත් ලබාගන්න බැරි වෙලා තියෙනවා මේ ටෙස්ට් එකෙන් කියන එක. ඒ වගේම ඉදිරිපස ආසන දෙකටම එයාර් බෑග් දෙකක්, ABS, Emergency Braking System, Parking Distance Warning – Reverse, Hill Start Assist Control, Electronic Stability Control වගේ දේවල් ආරක්ෂාව සම්බන්ධව එකතු කරලා තියෙනවා.

 

 

3. තෙල් කාර්යක්‍ෂමතාව

ලීටරයට කිලෝමීටර් 18ක් වගේ වැඩ කරනවා කියල කියන්න පුළුවන් මේ වාහනේ. ​ඒක මේ රේන්ජ් එකේ වාහනයකට හොඳ තෙල් කාර්යක්ෂමතාවයක්. ඒ වගේම ලීටර් 35ක ධාරිතාවක් සහිත ඉන්ධන ටැංකියක් තමයි මේ වාහනයේ තියෙන්නේ. ඒ වගේම හයිබ්‍රිඩ් නොවන වාහනයක මේ වගේ අගයක් කියන්නේ ඉතාම සැලකිය යුතු අගයක්. 

 

 

4. එන්ජින් එක

මේ වාහනයේ ඔටෝ මැනුවල් මොඩල් දෙකම තියෙනවා. ලීටර් 1.0 ක වඩාත් කාර්යක්ෂමතාවයෙන් යුක්ත MPI එන්ජිමකින් තමයි බලගැන්වෙන්නේ. 2016 මොඩල් එකට වඩා දියුණු කරපු එන්ජින් එකක් නිසා 2016 මොඩල් එකට වඩා ඉන්ධන කාර්යක්‍ෂමතාවය වැඩියිමැනුවල් මොඩල් එක 5 Speed ගියර් පද්ධතියක් විදිහටත් ඔටෝ මොඩල් එක 4 Speed විදිහටත් තමයි එන්නේ. 1.2 මොඩල් එකකුත් එනවා මේ වාහනේ. එත් ලංකාවේ ගොඩක් අඩුයි.  

 

 

5. පිටත පෙනුම

ඉතාම අලංකාර පෙනුමක් දීල තියෙනවා 2016 මොඩල් එකත් එක්ක සංසන්දනය කරලා බලනකොට. උදාහරණ විදිහට කිව්වොත් Projection Head Lamps, with LED Indicators, Day time LED සිස්ටම්, LED Type Rear Lamps, Projection Fog Lamps වගේ දේවල් නිසා මේකේ පෙනුම ගොඩක් ලස්සන වෙලා තියෙනවා. ගන්න කෙනෙක්ට වර්ණ නවයක් තියෙනවා කැමති විදිහට තෝරාගන්න. (Lime Light, Shiny Red, Aurora Black, Pop Orange, Sparkling Silver’ සහ Celestial Blue) අවශ්‍ය කෙනෙක්ට ඇලෝයි වීල් එහෙම එකතුකරගන්නත් පුළුවන්. සාමාන්‍ය බජට් වාහන වලට එන්නේ නැති උනත් මේකේ පිටුපස වීදුරුවට වයිපර් එකකුත් එකතු කරලා තියෙනවා. 

 

 

6. ඇතුලත පෙනුම

පිටත පෙනුම වගේම ඇතුලත පෙනුමත් ඉතාම ආකර්ෂණිය විදිහට නිර්මාණය කරන්න නිෂ්පාදකයා සමත් වෙලා තියෙනවා කියන්න පුළුවන්. කලින් මොඩල්ස් වලට වඩා හසුරුවන්න පහසු ස්ටියරින්ග් වීල් එකක් එකතු වෙලා තියෙනවා. Dash බෝර්ඩ් එක සාමාන්‍ය ප්ලාස්ටික් වලින් තමයි හදල තියෙන්නේ. ඕඩියෝ කොන්ට්‍රෝල්ස් ටික ස්ටියරින්ග් වීල් එකටම එකතු කරලා තියෙනවා. පැඩල්ස් එහෙම ඇලෝයි වලින් හදල තියෙන එකත් විශේෂත්වයක්. A/C කවුළු එහෙම Premier පෙනුමක් ලැබෙන විදිහට නිර්මාණය කරලා තියෙනවා.  Digital වායු සමීකරණ පද්ධතියක් එක්ක තමයි මේ වාහනේ එන්නේ. ​ඒක මේ කැටගරි එකේ ගොඩක් වාහන වල දකින්න අඩු පහසුකමක්. ඒ වගේම ඉතාම ලස්සන සීට් සෙට් එකක් එක්ක පිටිපස ආසන තුනකට සහ ඉස්සරහ ආසන දෙකට Head Rest සවි කරලා තියෙනවා. 

 

 

7. මිල

මේ වාහනයේ මිල ගැන කතා ක​ළොත් බජට් වාහනයක් පැත්තට දාන්න පොඩ්ඩක් අමාරුයි වගේ. ඒ කියන්නේ, මැනුවල් මොඩල් එක ලක්ෂ 31 කුත් ඔටෝ මොඩල් එක ලක්ෂ 33 කුත් සේෆ්ටි මොඩල් එක ලක්ෂ 34.25 කුත් වෙනවා. කොහොම උනත් ඔයා කියා පිකැන්ටෝ වාහනයක් ගන්න හිතන් ඉන්න කෙනෙක් නම් ඔයා මේ වාහනේ ගත්ත කියල පසු තැවෙන එකක් නම් නෑ කියල බය නැතුව කියන්න පුළුවන්. 

 

0 comments:

Post a Comment