Search

Search YK Vehicle Technology

Friday, 17 December 2021

කාන්තාවන්ට වඩාත් ගැලපෙන කාර් 7ක් ( Part - 2 )

 

කාන්තාවන්ට වඩාත් ගැලපෙන කාර් 7ක් ( Part - 2 )


4. Perodua Axia

Axia එක ගැන අපේ කලින් රිවීව් එකකුත් ඇති. ඒ ගැන ගොඩක් විස්තර ​ඒකෙන් කියවන්නත් පුළුවන්. ඉතින් මේ වාහනේ ඉහතින් කතා කරපු වාහන වගේම ඔටෝ ගියර් සිස්ටම් එකක් තියෙන වාහනයක් වගේම Hatchback මොඩල් එකක්. ඒ වගේම 1000cc ධාරිතාවයක් තියෙන සිලින්ඩර් 3ක DOHC,12V, EFI එන්ජින් එකක් තමයි මේකට පාවිච්චි කරලා තියෙන්නේ VVTi තාක්ෂ​ණය එක්කම. සාමාන්‍ය බජට් වාහන කැටගරි එකටත් ඇතුලත් කරන්නත් පුළුවන් මේ වාහනය. ඉතින් වාහනයේ ප්‍රමාණයත් එක්ක බැලුවම සහ ඇතුලත සහ පිටත පෙනුමත් කාන්තාවකට වඩා සුදුසු තත්ත්වයක් තියෙනවා. 

YK Car Review – පෙරොඩුවා ඇක්සියා (Perodua Axia)

 

5. Suzuki Wagon R / Mazda Flair

මොඩල් දෙකක් උනාට එකම එන්ජින් එක එකම චැසි එක වාහන දෙකේම තියෙන්නේ. මහා බරපතල වාහනයක් නෙමෙයි නිසාත් කියුට් ලුක් එක නිසාත් කාන්තාවකට වඩා ගැලපෙනවා. මේකේ මොඩල් නම් ගොඩාක් තියෙනවා. පොදුවේ ගත්තම මූලික කාරණා ටික සමානයි. මහා ලොකු එන්ජින් එකකුත් නෙමෙයි තියෙන්නේ. 660cc එන්ජින් එකක් තියෙන්නේ. ගොඩාක් ගැහැණු අය මේ වාහනේට විශේෂ කැමැත්තක් දක්වන බව පේන්න තියෙනවා වගේම බජට් වාහනයක් හැටියටත් නම් කරන්න පුළුවන්කම තියෙන නිසා ඔෆිස් යන ගැහැණු උදවිය අතරේ මේ වාහනය ජනප්‍රියයි. 

 

 

6. Toyota IST

Toyota IST කියන්නේ දැනට නිෂ්පාදනය නොකරන වාහනයක්. මේක අන්තිමට නිෂ්පාදනය ක​ළේ 2016 දී. මේකත් Aqua, Vitz වගේම Hatchback මාදිලියේ වාහනයක්. 1.5 එන්ජින් එකක් මේකටත් තියෙන්නේ. දැනට මේ වාහනේ ගන්නවානම් ගන්න වෙන්නෙ සෙකන්ඩ් හෑන්ඩ් වාහනයක් විදිහට දැනට පාවිච්චි කරන කෙනෙක්ගෙන්. කොහොම උනත් හයිබ්‍රිඩ් නොවන වාහනයක් විදිහට කාන්තාවන් බොහෝ දෙනෙක් පාවිච්චි කරන්න කැමති වාහනයක්. සාමාන්‍ය ටොයෝටා වාහනයක එන සියළුම අංගෝපාංග මේ වාහනයේත් දකින්න පුළුවන්.

 

 

7. Kia Picanto

2004 දී නිෂ්පාදනය පටන් ගත්තු මේ වාහනය තාමත් අඛණ්ඩව මාර්කට් එකේ අලෙවි වෙනවා. මේ වෙනකොට මේ වාහනයේ තුන්වෙනි පරම්පරාවත් එලියට ඇවිත් තියෙන්නේ. සාමාන්‍ය බජට් කැටගරි එකටත් ඇතුලත් කරන්න පුළුවන් වෙන මේ වාහනයේ Hatchback පෙනුම සහ Curvy පෙනුම නිසා කාන්තාවකට වඩා යෝග්‍ය වෙනවා කියල සඳහන් කරන්න පුළුවන්. මැනුවල් සහ ඔටෝ මොඩල් දෙකක් ආවට කාන්තාවන් එච්චර මැනුවල් වලට කැමති නැති නිසා ගොඩක්ම නැගල යන්නෙ ඔටෝ මොඩල් එක තමයි. සේෆ්ටි එක පැත්තෙන් ගත්තත් හොඳ අගයක් දිනාගත්තු වාහනයක් විදිහට නම් කරන්න පුළුවන්. ඒ කිව්වේ ASEAN NCAP සේෆ්ටි රේටින්ග් එක තරු පහෙන් හතරක්ම මේ වාහනය දිනාගෙන තියෙනවා.

Related Posts:

  • ෆෙරාරි ( Ferrari ) Part 2  ෆෙරාරි ( Ferrari )ෆෙරාරි (Ferrari S.p.A) යනු සුපිරි මෝටර් රථ නිපද වනු ලබන ඉතාලි මොටර් රථ සමාගමකි. මෙහි නිර්මාපකයා වන්නේ ඉතාලි ජාතික  … Read More
  • ජගුවාර් කාර් සන්නාමයේ ඉතිහාසය ( part 1) ජගුවාර් කාර් සන්නාමයේ ඉතිහාසයබ්‍රිතාන්‍ය කාර් සන්නාමය වන ජගුවාර් දැනට ඉන්දියානු නිෂ්පාදක ටාටා සතු වන අතර සුඛෝපභෝගී කාර් නිෂ්පාදනය සඳහා එහි අංශය … Read More
  • බුගාටි මෝටර් රථ තොරතුරු ( Part - 3 ) වර්තමානයේ බුගාටි (නිශ්පාදන)බුගාටි වේරෝන් යුගය (2005-2015)බුගාටි වේරෝන්1998 මැයි මාසයේදී වොක්ස්වැගන් ඒජී විසින් බුගාටි ලාංඡනය සහ බුගාටි ඔටෝමොබයිල… Read More
  • ඉතාලියෙන් ලෝකයට දායාද කල ෆෙරාරි මෝටර් රථ ( Part 1 ) විශේෂාංගඉතාලියෙන් ලෝකයට දායාද කල ෆෙරාරි මෝටර් රථමීට කලින් අපි ලැම්බෝගිනි මෝටර් රථ පිලිබදව ලිපියක් පලකලා ඔබට මතක ඇති. ලැම්බෝගිනි වගේම ල… Read More
  • අවුට්ලැන්ඩර්  අවුට්ලැන්ඩර් Mitsubishi Outlander PHEVdecember 17, 2016by marsroiHybrid සිංහලෙන් පිටුවෙන් අද හදුන්වලා දෙන්නෙ ලෝකයේ ප්රථම ෆෝ වීල් ඩ්රයි… Read More

0 comments:

Post a Comment