Search

Search YK Vehicle Technology

Sunday, 19 December 2021

අනාගත වාහන ( Part 1 )

 

සුඛෝපභෝගී රථ 7

අනාගත වාහන  ( Part 1 )

Are these 7 vehicles the future of automobiles

රථගාය කියන්නේ කොච්චර වාහන ගත්තත්, කොච්චර වාහන දැක්කත් නිම නොවෙන ආසාවක්. තාක්ෂණයේ දියුණුවත් එක්ක විවිධ ආකාරයේ මාදිලි සහ නවමු පහසුකම්වලින් යුක්තව අපූරු රථ වාහන වෙළඳපොළට නිකුත් වෙනවා. තෙල් ප්‍රශ්නය ලෝකය පුරාම මහත් ගැටළු සහගත බවක් මෙන්ම පරිසර හිතකාමීත්වය යටතේ අවාසිදායක බවක් ගෙන දීමත් සමග නිෂ්පාදකයන් විදුලියෙන් ක්‍රියාත්මක වන වාහන ගැන වැඩි උනන්දුවක් දක්වනවා. මේ, නුදුරු අනාගතයේම පැමිණෙන්නට නියමිත විප්ලවීය රථ වාහන කිහිපයක්.

 

1. Audi E-Tron Quattro (සැප්තැම්බර් 2018)

මේ වසර අග භාගයේදී එන්නට තියෙන Audi සමාගමේ ඉලෙක්ට්‍රොනික මෝටර් කාර් එකේ ඉදිරිපස ඇක්සලයට එක් මෝටරයකුත්, පසුපස ඇක්සලයට මෝටර් දෙකකුත් විධියට එන්ජින් තුනක් තියෙනවා. තත්පර 4.6කින් පැයට කි.මී. 100ක වේගයක් ලබා ගන්නා මේ කාර් එකේ ඉලෙක්ට්‍රොනික බලයෙන් ලබන උපරිම වේගය පැ.කි.මී. 210ක්. තනි, විශාල ලිතියම්-අයන බැටරිය කිලෝ වොට් පැය 95ක ජවයකින් යුතුව කාරය කි.මී. 500ක් ධාවනය කරන්නට බලය දෙනවා. ආරෝපණය කරන ස්ටේශන් වලදි කාර් එක ප්ලග් කරන තැන බොහොම පහසුවෙන් හිටින විධියට පාර්ක් කරගන්න සෙන්සර් වලින් සපෝට් එක දෙනවා වගේම වහළ උඩ තියෙන සෝලා පැනල් එක නිසා ලංකාව වගේ අව්ව තියෙන රටවල් වලට පංකාදුයි. කාර් එකේ ලයිට් සිස්ටම් එක තනිකරම OLED නිසා ලයිට් දාගෙන යද්දි වැඩි බැටරි බලයක් අවශ්‍ය වෙන්නෙත් නෑ, වැඩි එළියකුත් ලැබෙනවා.

 

2. Hyundai Nexo (දෙසැම්බර් 2018)

 

හුන්ඩායි සමාගමෙන් තෙල් ප්‍රශ්නයට විසඳුමක් ලෙස සහ පරිසර හිතකාමී විසඳුමක් ලෙස හයිඩ්‍රජන් කාර් එකක් හඳුන්වාදීමට බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ දුම විධියට මේ කාර් එකෙන් එන්නේ ජල වාශ්පයි. ඩෑෂ්බෝඩ් එක සහ GPS ආදිය සඳහා අමතර ස්ක්‍රීන් එකක් ඇති මේ කාරයේ ඉදිරිපස සීට් දෙක මැදින් වෙන් කරන ලද කොටසේ තමයි ඒසී, රේඩියෝ ආදී නිතර දකින දේවල් අඩංගු කර තිබෙන්නේ. තත්පර 9.2කින් පැ.කි.මී. 100ක වේගයක් ගන්නා මෙහි උපරිම වේගය 180kmh පමණ වෙනවා.

 

3. Audi E-tron Sportback (2019)

 

ලබන වසරේ පැමිණෙන්නට නියමිත Audi ස්පෝර්ට්බැක් කාර් එක නමේ හැටියටම ස්පෝට් පෙනුමක් තියෙන, පට්ට ලයිටිං සිස්ටම් එකකුත් තියෙන කාර් එකක්. 429ක හෝස්පවර් අගයක් තිබුණාට බූස්ට් වෙලා 496ක් ලබාගන්න පුළුවන්. පැය භාගයක චාර්ජ් එකකින් කි.මී. 400ක් පමණ දුරක් යන්නට හැකි වෙන්නේ මේකේ තියෙන Fast Charging හැකියාව නිසායි. ඩෑෂ්බෝඩ් එක සම්පූර්ණයෙන්ම වගේ OLED තිර යොදා හදලා තිබෙන නිසා මේක අපි ෆිල්ම්වල දැකපු අනාගත කාර් එකක් විධියමයි. මේකට පැ.කි.මී. 100ක වේගයක් තත්පර 4.5කින් ලබා ගන්න පුළුවන්.

 

Related Posts:

  • බී එම් ඩබ්ලිව් (BMW) Part -1YK Vehicle Technology  බී. එම් .ඩබ්ලිව් (BMW)  බී එම් ඩබ්ලිව් (BMW) යන්නෙහි අරුත බෙවෙරියානු මෝටර් රථ ශිල්පියෝ යන්නය… Read More
  • කාර්වල පාවිච්චි වෙන එන්ජින් වර්ගකාර්වල පාවිච්චි වෙන එන්ජින් වර්ගnullFacebookhttp://TwitterWhatsAppකාර් එකක බලය දෙන කොටස තමයි එන්ජිම. එන්ජිමෙන් ලැබෙන බලය ගියර් පෙට්ටිය හරහා අඩුවැඩි කර… Read More
  • Car Review – මරූටි ඇල්ටෝ 800 (Maruti Alto 800)  Car Review – මරූටි ඇල්ටෝ 800 (Maruti Alto 800) Nov 11, 2019අපේ වැදගත් සහ රසවත් ලිපි පළවූ සැණින් කියවන්න මේ ලින්ක් එක ක්ලික් කරන්න!Fac… Read More
  • බී එම් ඩබ්ලිව් (BMW) Part -2 ඉතිහාසය  මියුනික්හි පිහිටා ඇති බී.එම්.ඩබ්ලිව් ආයතනයේ මූලස්ථානය. ගොඩනැගිලි සහ කෞතුකාගාරය පසුපස දකුණුපස දිස්වේ.බී.එම්.ඩබ්ලිව් ආයතනය 1917දී ආරම්භ කරන ලද්දේ … Read More
  • ලෑන්ඩ් රෝවර් "ලෑන්ඩ් රෝවර් Freelander": හිමිකරුවන් විචාර, පිරිවිතර, ඡායාරූප"ලෑන්ඩ් රෝවර් Freelander" බ්රිතාන්ය නිෂ්පාදක ලෑන්ඩ් රෝවර් සිට සංයුක්ත SUV (SUV රථය… Read More

0 comments:

Post a Comment