Search

Search YK Vehicle Technology

Thursday 9 December 2021

Car Review – ටොයෝටා වීගෝ 2018 (Toyota Wigo)

 

Car Review – ටොයෝටා වීගෝ 2018 (Toyota Wigo)


අද අපි රිවීව් කරන්න බලාපොරොත්තු වෙන්නෙ ටොයෝටා වීගෝ කියන හැච්බැක් කාර් එක ගැන. මේක ගැන ලියන්න කියල ගොඩක් අය ඉල්ලලා තිබ්බ නිසා මෙන්න අපි ඒ ඉල්ලීම ඉෂ්ඨ කරනවා. අපි අපේ පළවෙනි රිවීව් එක කළේ පෙරඩුවා ඇක්සියා (Perodua Axia) කාර් එක ගැන. ඉතින් එකේදිත් කිව්වා වගේ  ඇක්සියා සහ ඩයිහට්සු අයිලා (Daihatsu Ayla) මොඩල්ස් වලම ක්ලෝන් (Clone) එකක් තමයි වීගෝ කියන්නේ. නිෂ්පාදකයෝ තුන් දෙනෙක්ගේ වාහන මොඩල් තුනක් එකම වගේ වෙන්නෙ කොහොමද කියල හිතෙනවා නේද දැන්? ඒක වෙන්නෙ මෙහෙමයි. පෙරඩුවා, ඒ කියන්නේ Perusahaan Otomobil Kedua Sendirian Berhad සමාගමේ කොටස් හිමිකාරිත්වයක් තියෙනවා ඩයිහට්සු සමාගමට. ඒ වගේම ඩයිහට්සු සමාගමේ කොටස් වලින් වැඩි ප්‍රමාණයක හිමිකාරිත්වය තියෙනවා ටොයෝටා සමාගමට. ඉතින් මේ තුන්ගොල්ලෝ අතරේ දැන් වෙනසක් නැති උනත් එකම වාහනේ ඒ ඒ අයගේ බ්‍රෑන්ඩ් නේම් වලින් මාර්කට් එකට එවනවා. ඔන්න ඕකයි කතන්දරේ. දැන් රිවීව් එක පැත්තට හැරෙමු. ඊට කලින් කියන්න ඕනෙ අද අපි මේ කතා කරන්නේ මේ වාහනේ G ග්‍රේඩ් එක ගැන පමණයි. මොකද මේකේ Variants හතරක් තිබ්බට 99% ක් ලංකාවට ගේන්නේ ඔටෝ G ග්‍රේඩ් එක වන නිසා. අනිත් එක මතක තියාගන්න ජපන් වාහනයක් ගන්න හිතාගෙන ගත්තට මේ වාහනේ හදන්නේ ඇත්තටම ඉන්දුනීසියාවේ. 

 

 

1. ඔප්ෂන්ස් (OPTIONS?)

ටොයෝටා ලංකා ආයතනයෙන් මේ වාහනේ ගෙන්නන නිසා හිතේ සැකයක් නැතුව බ්‍රෑන්ඩ් නිව් තත්ත්වයෙන් ගන්න පුළුවන්කම තියෙන එක ලොකු වාසියක්. නැත්නම් ඔක්ෂන් වලින් ගෙන්නන වාහන ගැන සම්පුර්ණයෙන් විශ්වාස කරන්න අමාරුයි සහ පොතේ එන්නෙත් රී-කන්ඩිෂන් කියලා තමයි. මේ වාහනේ ටොයෝටා එකෙන් හදපු බජට් වාහනයක් විදිහට තමයි සලකන්න වෙන්නෙ. වාහනේ බජට් උනාට ලංකාවේ ආණ්ඩුවෙන් සුපිරි වාහනයක් වගේ වෙන්න ටැක්ස් ගහල පුම්බල තියෙන එක ගැන අපි හද පත්ලෙන්ම සතුටු වෙන්න ඕනෙ. බජට් වාහනයක් නිසාම විශේෂ ඔප්ෂන් කිසිවක් මේ වාහනේ ඇතුලත් වෙන්නෙ නෑ. පවර් සහ වින්කර් මිරර්, පවර් ෂටර්ස්, රිමෝට් කී, Projector type Head Lamps කියන සාමාන්‍ය ඔප්ෂන් ටික තමයි එන්නේ. ඒ වගේම Pioneer DVD Set-up එකකුත් එනවා.

 

 

2. ආරක්ෂාව?

එයාර් බෑග් දෙකක් සහිතව තමයි මේ වාහනේ එන්නේ. ඊට අමතරව ආරක්ෂක උපක්‍රම විදිහට ABS පහසුකම විතරක් දීල තියෙනවා. ඊට අමතරව ASIAN NCAP අගය තරු පහෙන් හතරක් තමයි මේ ටොයෝටා වීගෝ කියන වාහනය දිනාගන්න සමත් වෙලා තියෙන්නේ. ඉතින් ආරක්ෂාව ගැන හිතල ටොයෝටා වාහනේකටම යන්න ඉන්න කෙනෙක්ට දෙපාරක් හිතන්න වෙනවා මේන්න මේ කාරණාව නිසා. ඔයාලට මතක ඇති අපේ කලින් රිවීව් එකේ කරපු ටොයෝටා විට්ස් කාර් එකට තරු පහෙන් පහම තිබුනා කියල. 

 

 

3. තෙල් කාර්යක්‍ෂමතාව?

ලංකාවේ පාරවල් වල සාමාන්‍යයෙන් ලීටරයකට කිලෝමීටර් 15-17 අතර කාර්යක්ෂමතාවයක් තියෙනවා. ඒක සාපේක්ෂව හොඳ කාර්යක්ෂමතාවයක් හැටියට ගන්න පුළුවන්. ඉන්ධන ටැංකියේ ධාරිතාව ලීටර් 33ක් වෙනවා. 

 

 

4. එන්ජින් එක?

එන්ජින් එක විදිහට සිලින්ඩර තුනේ සාමාන්‍යයෙන් එන VVTi  1000cc එන්ජින් එකක් තියෙන්නේ. ඒ කියන්නේ Intro එකේදී සඳහන් කළා වගේම Axia එකට එන එන්ජින් එකම තමයි මේකටත් පාවිච්චි කරලා තියෙන්නේ.

 

 

5. පිටත පෙනුම?

පිටත පෙනුමෙත් ලොකු විශේෂත්වයක් නැහැ කියලා කණගාටුවෙන් උනත් කියන්න සිද්ද වෙනවා. ඒ කියන්නේ Projector type Head Lamps, රියර් වයිපර් එක, Alloy Wheel වගේ ඉතා සාමාන්‍ය දේවල් එක්ක තමයි මේ වාහනේ සමන්විත වෙන්නෙ. 

 

 

6. ඇතුලත පෙනුම?

සාමාන්‍ය ටොයෝටා වාහනේක විදිහට ඇතුලේ පෙනුම නිමවල තිබුනත් පොඩි පොඩි ඍ​ණ ලක්ෂණ කිහිපයක් දැකගන්න පුළුවන්. එකක් තමයි ඉස්සරහ සීට් වලට ඇඩ්ජස්ටබල් හෙඩ් රෙස්ට් එන්නේ නැහැ. නමුත් පිටිපස්සට එනවා. ඒ වගේම Driver Seat Height Adjustment එහෙමත් නැහැ. අනික ඇතුලේ ඉඩ ගැන කතා ක​ළොත් පිටිපස්සේ Flat Floor එකක් නැති නිසා තුන් දෙනෙක්ට යන්න අමාරු තත්ත්වයක් තියෙන්නේ. වහලේ උස, සීට් එක සහ කකුල් අතර පරතරය එහෙම නම් වරදක් නැහැ. A/C සිස්ටම් එකත් මැනුවල් එකක් තියෙන්නේ. ඒත් A/C එක නම් ප්‍රමාණවත් රස්නේ දවසක උනත් අතුල කූල් කරන්න. තව නෙගටිව් කාරණාවක් තමයි මේකේ A/C එක පාලනය කරන්න, ඒ කියන්නේ කකුල් වලට, වින්ඩ්ස්ක්‍රීන් එකට එහෙම වෙනස් කරන්න පුළුවන් විදිහේ A/C කොන්ට්‍රෝල් සිස්ටම් එකක් නැහැ. සීට් වල ෆැබ්රික් එකත් ටිකක් බජට් වාහනේක වගේ පෙනුමක් තියෙන්නේ. සහ ඇතුලේ කොටස් සම්පුර්ණයෙන්ම වගේ ප්ලාස්ටික්  වලින් හදල තියෙන්නේ. අනික මල්ටි ෆන්ෂන් ස්ටියරින්ග් වීල් එකක් එන්නෙත් නැහැ. ඒ වගේම එළියේ සද්ද වාහනේ ඇතුලට ඇහෙන ගතිය ටිකක් තියෙනවා. 

 

 

7. මි​ල?

මෙන්න මේක තමයි ප්‍රශ්නේ. ඔයාලට පේනවා ඇති මේ වාහනේ අපිට අපේ  Categories වලට ලියාගන්න වත් දෙයක් නැතුව අපි අසරණ වෙලා තියෙන තරම. ඒක තමයි ප්‍රශ්නය. මේ වාහනේ කිසිම විශේෂ දෙයක් ඇතුලත් නැහැ. එහෙමත් නැතුව ලක්ෂ 38කට මේ වාහනේ මිල නියම වෙලා තිබීම ඉතාම පුදුමසහගතයි. ඒකට ඉතින් ලොකුම හේතුවක් තමයි ලොකු බදු ප්‍රතිශතයක් මේ මි​ල තුල ඇතුලත් වීම. කොහොම උනත් මේ වාහනේටම සමාන පෙරඩුවා ඇක්සියා (Perodua Axia) කියන වාහනය ලක්ෂ 32කට තියෙද්දී ඔබ මේ වාහනේට යනවද කියන එක ඔබම තීරණය කරන්න ඕන කාරණාවක්. මොකද ඇත්තටම කිව්වොත් ඔබ මේ වාහනේ ගන්නවානම් ලක්ෂ 6ක්ම වියදම් කරන්නේ ටොයෝටා බැජ් එකටයි. තේරෙන විදිහට කිව්වොත් පෙරඩුවා ඇක්සියා (Perodua Axia) එකෙයි මේ වාහනයෙයි වෙනස බැජ් එක විතරයි. ඒ නිසා ටොයෝටා බැජ් එකට පණ ඇරලා ආස අය ඉන්නවනම් මේ වාහනේ ගත්තට කිසි ප්‍රශ්නයක් නෑ හොඳේ.

 

0 comments:

Post a Comment