Search

Search YK Vehicle Technology

Sunday 19 December 2021

මාර්කට් එකේ තියෙන හොඳ​ම පරණ වාහන - Part 1

 

මාර්කට් එකේ තියෙන හොඳ​ම පරණ වාහන - Part 1

ලංකාවේ වාහන මාර්කට් එක ගැන බැලුවොත් ගොඩක්ම දෙනෙක් අතරේ ජනප්‍රිය සහ හොඳ මාර්කට් එකක් තියෙන්නේ ජපන් වාහන වලට තමයි. ඉතින් ටිකක් පරණ උනත් ඉන්දියන්, චයිනීස් අටමගල් ගන්නවට වඩා ජපනා හදපු වාහනයක් ගන්න කැමති අය ගොඩක් ඉන්නවා. තව සමහරු ඉන්නවා වාහනේ ගත්තු ගා​ණට වඩා වැඩි ගා​ණකට අවුරුද්දක් දෙකක් ගිහින් විකු​ණන්නත්. අන්න ඒ වගේ හිතන අයට පොඩි තල්ලුවක් වෙන්නත් එක්කම තමයි දැනටත් භාවිතයේ තියෙන හොඳට මාර්කට් වෙන වාහන ගැන කතා කරන්න හිතුවේ. හැබැයි අපි කතා කරන්නේ ඇන්ටික් වාහන ගැන නෙමෙයි. කෙනෙක්ට සාමාන්‍ය, එදිනෙදා පාවිච්චියට ගන්න පුළුවන් සහ මාර්කට් එක හොඳ, කාර් කැටගරි එකේ තියෙන වාහන ගැනයි හොයල බලන්නේ.

 

 

1. Toyota Corolla 121

ටොයෝටා කියපු ගමන් ගොඩක් දෙනෙක්ට කොරොල්ලා කියන නම නිරායාසයෙන්ම මතක් වෙනවට කිසිම සැකයක් නෑ. ඒ තරම් කොරොල්ලා කියන නම ටොයෝටා බ්‍රෑන්ඩ් එකත් එක්ක බැඳිලා තියෙන්නේ. ඉතින් පොදුවේ කොරොල්ලා කිව්වට කොරොල්ලා මාදිලියේ කාර් ගණනාවක් එලියට ඇවිත් තියෙනවා මේ වෙද්දී. එදා මෙදාතුර කොරොල්ලා ඉතිහාසයේ නොමැකෙන නමක් දිනාගත්තු මොඩල් එකක් තමයි 121 කියන්නේ. කොරොල්ලා සීරිස් එකේ නම වෙනි පරම්පරාව විදිහට තමයි 121 මොඩල් එක එළිබහින්නේ. ඒකෙත් තව සබ් මොඩල්ස් (Variants) තොගයක්ම තියෙනවා.  Luxel, LX, LX Limited, G, X වගේ. තෙල් කිරිල්ල පැත්තෙන් ගත්තොත් G සහ X මොඩල්ස් දෙක ඉදිරියෙන් ඉන්නවා. ඉතින් තාම ලංකාවේ මාර්කට් එකේ යෙහෙන් වැජඹෙන වාහනයක් තමයි.

 

 

2. Nissan FB15

ටොයෝටා වල කොරොල්ලා මොඩල් එක වගේම තමයි නිසාන් වල සනී කියන්නේ. සනී කාර් එකෙත් මොඩල්ස් හැට හුටමාරක් තියෙනවා. කාර් එකකට තියෙන්න ඕන පෙනුම ඕනෑවටත් වැඩියෙන් මේ වාහනේ තියෙනවා. කෙටියෙන් කිව්වොත් හරිම ලස්සනයි. ගොඩක් වාහන ගැන දන්න උදවිය ඉහළින්ම තියල කතා කරන වාහනයක් තමයි මේක. එකට එක හේතුවක් තමයි ඕන පාර්ට් එකක් ලේසියෙන් හොයාගන්න පුළුවන් වීම. අනික් හේතුව හොඳට තෙල් කිරීම සහ නඩත්තු වියදම ඉතා අවම වීම කියලා කියන්න පුළුවන්. හැබැයි ඔය වාහනේ ඔටෝ එක තමයි මාර්කට් එකේ අල්ලලම ගිය වාහනේ. 1998 තමයි ඉස්සෙල්ලම මේ මොඩල් එක මාර්කට් එකට ආවේ. මේකේ ලංකාවේ තියෙන ප්‍රධාන මොඩල් දෙක තමයි අලුත් ෂෙල් මොඩල් එක සහ පරණ ෂෙල් මොඩල් එක.

 

 

3. Toyota Vios

ටොයෝටා සොලූනා එකේ අලුත් මොඩල් එක තමයි VIOS කියන්නේ. මේක ටොයෝටා නමින් තිබ්බ්බට හදන්නේ තායිලන්තයේ. එකත් ටොයෝටා කොම්පැණියම තමයි. ඒ ගැන අවුලක් හිතන්න ඕනෙ නෑ. උඩ වාහනේ වගේම කාර් එකක පෙනුම සුපිරියට තියෙන වාහනයක් මේකත්. ඔටෝ මැනුවල් දෙකම තියෙනවා. එන්ජින් කැපෑසිටි එක 1.3 සහ 1.5 විදිහට තියෙනවා. කොල්ලෝ ගොඩක් දෙනා මේ වාහනේට විශේෂ කැමැත්තක් තියෙනවා. මාර්කට් එකත් ඉතා හොඳ තත්ත්වෙක තාම තියෙනවා.

 

 

4. Mitsubishi Lancer

ලාන්සර් කියන්නේ මහලොකුවට තෙල් වැඩ නොකරන ඒත් තෙල් වැඩ නොකරන්නේත් නැති ශේප් වාහනයක්. නිසාන් වාහන වගේම මොඩල්ස් නම් තොගයක් මේ වෙද්දී තියෙනවා. CK1, CK2, CS1, CS2, CS3, EX වගේ. ලාන්සර් ගොඩක් රටවල ඇසෙම්බල් කරනවා. එත් MADE IN JAPAN එකක් නම් මාර්කට් එක ටිකක් වැඩියි. මේකෙත් 1.3, 1.5, 1.8 2.0, 2.4 කියල  කැපෑසිටි ගණනාවක් එනවා. කොහොමත් මේක ටිකක් ස්පෝර්ට් පැත්තට නැඹුරු වාහනයක් කියල බැලූ බැල්මට පේනවා. ලාන්සර් ඉවෝ (EVO) එහෙම කට්ටිය දැකල ඇතිනේ. කොහොමද පෙනුම. පරණයි කියල නෑ CK2 එක උනත් ටිකක් මොඩිෆයි කරලා ගත්තම ඉවෝ පරාදයි.

 

0 comments:

Post a Comment