Search

Search YK Vehicle Technology

Friday 17 December 2021

සුප්‍රසිද්ධ කාර් Logo පිටුපස සැඟවුණු කතන්දර

 

සුප්‍රසිද්ධ කාර් Logo පිටුපස සැඟවුණු කතන්දර

Logo එකක් එහෙමත් නැත්තම් ලාංඡනයක් කියන්නෙ ඕනම භාණ්ඩයක්, සේවාවක් ගැන කිව්වම අපිට ඉස්සෙල්ලම ඔළුවට එන දෙයක්. සමහර නිෂ්පාදන, එහෙමත් නැත්තම් සේවා ප්‍රසිද්ධ වෙලා තියෙන්නෙම, මිනිස්සුන්ට මතක තියෙන්නෙම මේ ලාංඡන නිසා. ඒ අතරින් ඉහළම තැනක් ගන්නෙ වාහන. වාහන කියන්නෙ ඒවයේ සන්නාමය එහෙමත් නැත්තම් brand name එක නිසාම වෙළඳපොළක් හදාගන්න නිෂ්පාදනයක්. ඉතින් ඒ වෙළඳපොල රැකගන්න කාර්යයේ ලොකූ කොටසක් මේ ලාංඡනය එහෙමත් නැත්තම් වාහනයක logo එකත් ඉටු කරනවා. ඕනම වාහනයක නමක් කියපු ගමන් අපිට ඉස්සෙල්ලම මතකෙට එන්නෙ ඒ වාහන වර්ගයේ logo එක. ඉතින් මේ එක එක logo පිටිපස්සේ තියෙන ලස්සන කතන්දර කිහිපයක් ගැන අපි හොයල බැලුව. පිටින් දැක්ක ගමන් පේනදේට වඩා වෙනස් කතා මේ හුඟක් logo එක්ක කියවෙනවා. 

 

1. Audi

අපි හැමෝම දන්න විදිහට Audi කියන කාර් වර්ගයට තියෙන්නෙ එකකට එකක් සම්බන්ධ වූ මුදු එහෙමත් නැත්තම් වළලු 4ක ලාංඡනයක්. සමහරු හිතනවා මේ වළලු හතරෙන් වාහනේක රෝද 4 සංකේතවත් වෙනව කියල. තවත් සමහරු කියනව මේ වළලු හතර ඔලිම්පික් වළලු එක්ක සම්බන්ධයි කියලත්. හැබැයි මේ ලාංඡනය පිටිපස්සේ කියවෙන ඇත්තම කතාන්දරය මේකයි. 

මේ Audi ආයතනය ආරම්භ කරන්නෙ August Horch කියලා කෙනෙක්. ඒ 1909 දී. ඒ ආයතනය 1932දි Audi කියල නම වෙනස් කරනවා. ඒ නම හැදෙන්නෙ මෙන්න මෙහෙමයි. August Horch ගෙ නමේ Horch කියන කොටසේ තේරුම ජර්මානු භාෂාවෙන් “Listen/Hear” කියන එකයි. ඒ වචනෙම ඒ කියන්නෙ “Listen” කියන එකම ලතින් භාෂාවෙන් කියන්නෙ Audi කියලයි. ඉතින් එහෙමයි මේ නම හැදෙන්නෙ. මේ Audi ආයතනය නම වෙනස් කිරීමත් එක්කම තවත් ආයතන 4ක් එක්ක එකට සම්බන්ධ වෙනවා. ඒක නිරූපණය කරන්න තමයි වළලු 4ක ලංඡනයක් යොදාගන්නෙ.

 

2. Hyundai

Hyundai කියන්නෙ දකුණු කොරියාවේ නිපදවන වාහනයක්. ඒකෙ Logo එක අපිට බැලූ බැල්මට පේන්නෙ H අකුරක් විදිහට. නමත් පටන් ගන්නෙ H අකුරෙන් නිසා හුඟක් අය හිතන්නෙ ඒකම තමයි මේ Logo එකටත් යොදාගෙන තියෙන්නෙ කියල. හැබැයි මේ H අකුරට එහා ගිය වෙනත් රූපමය තේරුමක් මේ ලාංඡනයේ තියෙනව. මේකෙන් නිරූපණය වෙන්නෙ දෙන්නට දෙන්න අතට අත දීලා සුහදත්වය ප්‍රකාශ කෙරෙන මිනිස්සු දෙන්නෙක්. එක්කෙනෙක් ආයතනය සහ අනෙක් කෙනා පාරිභෝගිකයා නිරූපණය කෙරෙනවා. ඒ දෙන්නගෙ අතරේ තියෙන විශ්වාසය සහ තෘප්තිමත්භාවය තමයි අතට අත දීමෙන් නිරූපණය කරන්නෙ. ඒ වගේම වටේට තියෙන ඕවලාකාර හැඩයෙන් නිරූපණය කරන්නෙ ආයතනයේ ලෝකව්‍යාප්තිය.

 

3. Mazda

Mazda කියන්නෙත් අපි හැමෝම දන්න, විශේෂයෙන් ලංකාවේ හුඟක් ප්‍රසිද්ධ වාහන සන්නාමයක්. අපි දැනට දකින Mazda Logo එක කියන්නෙ සෑහෙන්න කාලයක් තිස්සෙ වරින් වර වෙනස් වෙමින් ඇවිල්ලා මේ හැඩය අරගෙන තියෙන ලාංඡනයක්. මේ දැන් තියෙන ලාංඡනයෙන් පෙන්වන්නෙ M අකුරක්. Mazda සන්නාමයේ උද්යෝග පාඨය වෙන flight toward the future” කියන එක නිරූපණය කරන්න M අකුරේ ඉහළ කොන් දෙක තටු දෙකක් වගේ ඉහළට විහිදෙන්න නිර්මාණය කරලා තියෙනවා. 

 

4. Mercedes-Benz

Mercedes Benz කියන්නෙත් බොහොම පැරණි ඉතිහාසයක් තියෙන ආයතනයක් වගේම ඒකෙ logo එකත් කලින් තිබ්බට වඩා වෙනස් වෙලා තමයි අද අපි දකින මේ කොන් තුනක් තියෙන තරුවක හැඩේ logo එක දක්වා ඇවිල්ලා තියෙන්නෙ. මේ තරුවෙන් ඒ අය අදහස් කරන්නෙ පොළව, මුහුද සහ අහස කියන මුළු සමස්තයම. ඒ කියන්නෙ මුළු ලෝකයටම අධිපතීත්වය දරනව වගේ තේරුමක්. 

 

5. Toyota  

Toyota කියල කියන්නෙ ඉතින් ලංකාවේ වැඩිපුරම ප්‍රසිද්ධ, අපිට වැඩිපුරම දකින්න තියෙන වාහන වර්ගයනේ. මේ Toyota Logo එක ගැනත් එක එක අය එක එක කතන්දර කියනවා. මේ වාහනය ජපානයේ නිෂ්පාදනය කරන නිසා, ඒ රටේ කෘෂිකාර්මික සහ ආගමික පසුබිමත් එක්ක මේ පාත්තරයක් ඇතුළේ තියෙන වී ඇටයක පින්තුරයක් කියලත් සමහරු කියනවා. හැබැයි මේ ටොයෝටා ලෝගෝ එකෙත් හැබෑ කතන්දරය මේකයි. Logo එකේ මැද තියෙන ඕවලාකාර හැඩතල දෙකෙන් ආයතනය සහ පාරිභෝගිකයා නිරූපණය කෙරෙනවා. ඒ දෙක එකකට එකක් උඩින් සම්බන්ධ කිරීමෙන් මේ දෙපාර්ශ්වය අතර තියෙන සම්බන්ධය තමයි පෙන්නන්නේ. මේ අලුත් ලාංඡනය ටොයෝටා ආයතනය මඟින් නිකුත් කෙරෙන්නෙ 1989 එයාලගෙ 50 වෙනි සංවත්සරයේදී. 

 

6. Ferrari

Ferrari කියන්නෙ ටිකක් සුඛෝපභෝගී ගණයේ වාහනයක්. ඒ වගේම තමයි ඒකෙ logo එකත් අපි මෙච්චර වෙලා කතා කරපු logo වලට වඩා ටිකක් වෙනස්. මේ වාහනය ඉතාලියේ නිෂ්පාදනය කරන වාහනයක්. වාහනයේ ලාංඡනය වෙන අශ්වයකුගේ ලාංඡනය හැදෙන්නෙ මෙහෙමයි. පළවෙනි ලෝක යුද්ධය සමයේ ඉතාලියේ හිටපු කීර්තිමත් ගුවන් නියමුවෙක් තමයි Count Francesco Baracca කියන්නෙ. ඉතාලි ජාතිකයෝ ඔහුව ජාතික වීරයෙක් විදිහට තමයි සලකන්නේ. ඔහුගේ ගුවන් යානයේ පැත්තක මේ අශ්වයා සලකුණු කරලා තියෙනවා. ඉතින් ඒ ඔස්සේ තමයි මේ වාහන සන්නාමයේ logo එක මේ විදිහට සකස් වෙන්නෙ. 

 

7. Mitsubishi

Mitsubishi කියන්නෙත් අපිට හුඟක් හුරුපුරුදු වාහන වර්ගයක්. මේ මිට්සුබිෂි වාහනයේ සලකුණ වෙන දියමන්ති තුනක සලකුණත් ටිකක් ලොකු ඉතිහාසයක් තියෙන සලකුණක්. 1870 දී මේ ආයතනය ආරම්භ කරද්දී එහි ආරම්භක හිමිකරු යටාරෝ ඉවසාකි තීරණය කරනවා එයා පැවත එන පරම්පරා දෙක අයිති වෙන වංශයන්ගේ ලාංඡන එකතු කරලා හදපු ලාංඡනයක් මේ ආයතනයට යොදාගන්න. ටෝසා වංශයේ ඕක් කොළ තුනක ලාංඡනයත්, ඉවසාකි පවුලේ තට්ටු තුනක ජල චෙස්නට් කොළ ලාංඡනයත් එකතු කරල හදපු මුල්ම ලාංඡනය 1914 දී පුංචි පුංචි වෙනස්කම් කිහිපයකට ලක්කරලා තමයි ලියාපදිංචි කිරීම සිදු කරන්නෙ.

 

0 comments:

Post a Comment