Search

Search YK Vehicle Technology

Thursday 16 December 2021

YK - කොම්පැනි දෙකකින් එලියට ආපු එකම ජාතියේ වාහන

 

කොම්පැනි දෙකකින් එලියට ආපු එකම ජාතියේ වාහන

අද කතා කරන සබ්ජෙක්ට් එක ගැන පොඩි පොඩි ඉඟි අපේ කලින් ආර්ටිකල් වලත් දීල තිබුනාඑහෙම වාහන මොඩල්ස්  කිහිපයකම රිවීව්ස් අපි කලින් කළාඉතින් මේ සබ්ජෙක්ට් එක ගැන කිව්වොත් ගොඩක් ලොකු ඉතිහාසයක් තියෙන මාතෘකාවක්මේකට ඉංග්‍රීසියෙන් කියන්නෙ Vehicle Rebadging කියලාමේකෙ තේරුම කිව්වොත් එකම වාහනය එම සමාගමෙන් හෝ වෙනත් සමාගමකින් වෙනත් නමක් සහිතව මාර්කට් එකට ඉදිරිපත් කිරීම කියල සරලව කියන්න පුළුවන්මේකෙදි එකම වාහනය කිව්වට පොඩි පොඩි වෙනස්කම් එහෙම කරනවාකොහොමෙන් කොහොමහරි මෑත ඉතිහාසයේ මේ වගේ මෝටර් රථ නිෂ්පාදන සමාගම් තවත් සමාගම් අත්පත් කරගැනීම සහ ආයතන දෙකක් එකතු වීම වගේ හේතු නිසා මේ Rebadge කරපු වාහන මොඩල්ස් ගොඩක් එලියට ආවාකොහොම උනත් පාරිභෝගිකයන්ට සමහර වෙලාවට මි​ල ග​ණන් වල ලොකු වෙනසක් අත්විඳින්න පුළුවන්කම තියෙනවා හේතුවෙන් වඩා හොඳම ඔප්ශන් එකට යන්න පාරිභෝගිකයන්ට ලොකු අවස්ථාවක් තියෙනවාමෙන්න මේ වගේ Rebadge කරපු වාහන මොඩල්ස් හතක් ගැනයි අද කතා කරන්න හදන්නෙ

 

 

1. Toyota Wigo සහ Perodua Axia

 

Perodua Axia එක ගැන අපි කලින් රිවීව් එකකිනුත් කතා කළාඒකෙදිත් අපි කිව්වා මේ වාහනේම තමයි Toyota Wigo කියන්නෙ කියලත් වගේම මේ විදිහට එකම වාහනේ නම් දෙකකින් මාර්කට්  වෙන්න හේතුවත් අපි  රිවීව් එකේදි කතා කළාඒක ඉතින් ඔයාලම තීරණය කරන්නමේ වාහන දෙකම. 1000cc එන්ජින් එකකින් තමයි බල ගැන්වෙන්නෙ වගේම එකම එන්ජින් එක තමයි වාහන දෙකේම තියෙන්නෙඉස්සරහ බෆර් එකේ සහ ෂෙල් එකේ පොඩි පොඩි වෙනස්කම් ඇරෙන්න වෙන කිසි වෙනසක් නෑහැබයි මි​ල ග​ණන් වල නම් ලොකු වෙනසක් තියෙනවාගොඩක් දෙනෙක් ඉතින් නොදැනුවත්කම නිසා ටොයෝටා වාහනේ මි​ලදී ගන්න අවස්ථා ඕන තරම් අපි දැකලා තියෙනවාඉතින් වාහනයක් මිලදී ගන්න කලින්  වගේ දේවල් හොයල බලන එක කෝකටත් හොඳයි.  

 

 

2. Toyota Pixis සහ Daihatsu Mira

 

Pixis පරණ මොඩල් එක සහ මිරා පරණ මොඩල් එක වගේම මේ වාහන දෙකේම අලුත් මොඩල් දෙකත් නිවුන් ස්වභා​වයකින් යුක්ත වෙනවා. මෙතනදිත් ටොයෝටා වාහනයේ මි​ල සහ ඩයිහැට්සු වාහනයේ මි​ල අතර ලොකු වෙනසක් තියෙනවා. ඒ වගේම ලංකාවෙ ඩයිහැට්සු වාහන වැඩිය මාර්කට් වෙන්නෙ නෑ කියන මතයක් තිබුනට ඩයිහැට්සු කියන්නෙ ටොයෝටා ආයතනයේම කොටසක්. පෙනුම විතරක් නෙමෙයි එන්ජින් එකත් එකමයි මේ මොඩල්ස් දෙකේම. 

 

 

3. Toyota Rush සහ Daihatsu Terios

 

කලින් වගේම ටොයෝටා සහ ඩයිහැට්සු කියන ආයතන වල එකතුවීම හේතුවෙන් Rebadge වෙච්ච වාහන මොඩල්ස් දෙකක් තමයි මේ. මේකෙ ටෙරියස් එක එක්ක මුල්ම පරම්පරාවෙදි Rebadge උනේ Toyota Cami මොඩල් එක. පස්සෙ 2008දී ටෙරියස් එක දෙවෙනි පරම්පරාවට එද්දි Cami එක වෙනුවට Toyota Rush එක Rebadge කරනවා. එදායින් පස්සෙ තමයි Terios එකයි Rush එකයි නිවුන්නු වෙන්න පටන් ගත්තෙ.

 

 

4. Toyota Camry සහ Daihatsu Altis

 

Sedan කාර් මොඩල් එකක් විදිහට නිර්මාණය වුන Toyota Camry එක ටොයෝටා සහ ඩයිහැට්සු කියන සමාගම් දෙකේ එකතු වීමත් එක්ක ඩයිහැට්සු බැජ් එක යටතේත් Camry එක Rebadge කරලා මාර්කට් කරන්න පටන් ගත්තා. කොහොම උනත් මේ වාහන දෙකේ ටිකක් වෙනස්කම් තියෙනවා. මූලික පෙනුම විතරයි සමාන. එන්ජින් එක උනත් වෙනස්. ඇතුලේ පෙනුම උනත් ලොකු ලොකු වෙනස්කම් ඇතුව තමයි නිර්මාණය කරල තියෙන්නෙ. 

 

 

5. Hyundai Tucson සහ Kia Sportage

 

දකුණු කොරියාවේ වාහන නිෂ්පාදන ආයතන දෙකක් වෙච්ච Kia සහ Hyundai ආයතන වලින් 2007දී Kia කියන ආයතනය බංකො​ළොත් වෙනවා. ඉන් පස්සෙ Hyundai කියන විශාල ආයතනය විසින් Kia සමාගම මිලදී ගනු ලබනවා. කොහොම උනත් මිලදී ගත්තා කියලා තමන්ගෙ ආයතනයේ නම යටතට ගත්තෙ නෑ Kia සමාගම. ඒක එදා වගේම Hyundai රැකවරණය යටතේ වෙනම සමාගමක් විදිහට ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඔන්න ඔය සම්බන්​ධතාවය උඩ තමයි මෙන්න මේ මොඩල්ස් දෙක වෙන වෙනම නම් දෙකකින් වෙ​ළඳපොලට ඉදිරිපත් වෙන්නෙ

 

 

6. Suzuki Wagon R සහ Mazda Flair

 

Suzuki Wagon R එකයි Mazda Flair එකයි කියන්නෙත් හරියටම නිවුන් වාහන මාදිලි දෙකක්. ඉතාම පොඩි පොඩි වෙනස්කම් ඇරෙන්න අනිත් හැම දේම සමානයි මේ වාහන දෙකේ. කලින් කියපු මොඩල්ස් වල නම් වාහන නිෂ්පාදන සමාගම් වල සම්බන්ධ වීමක් නිසා Rebadge වීමක් වෙලා තිබුනට මේ මොඩල්ස් දෙකට අදාළ ආයතන වල එහෙම සම්බන්ධතාවක් නෑ. ඒ වාහන දෙකම Kei කියන සංකල්පය යටතේ ඩිසයින් කරපු මොඩල්ස් දෙකක්.

 

 

7. Toyota Passo සහ Daihatsu Boon

 

මේ සමාගම් දෙකෙන් එලියට දාපු මොඩල්ස් තමයි අද අපි වැඩියෙන්ම කතා ක​ළේ. කාන්තාවන්ට වඩාත් සුදුසු වාහන කියන ආර්ටිකල් එකේ අපි ටොයෝටා පැසෝ කියන මොඩල් එක ගැනත් කතා කළා. ඉතින් Hatchback මොඩල් දෙකක් වෙන මේ මොඩල්ස් දෙකත් එකිනෙකට සමාන, ඒ කියන්නෙ Rebadge වෙච්ච වාහන මොඩල්ස් දෙකක්. මේ මොඩල් දෙකෙන් පැසෝ එක ලංකාවෙ ගොඩක් මාර්කට් උනත් බූන් එක නම් එච්​චර හිට් උනේ නෑ. 

මීට අමතරව තව ගොඩාක් වාහන මේ Rebadging කියන සංකල්​පය යටතේ නිෂ්පාදනය වෙනවා. හැබැයි ඔය ඕනම වාහනේකට ඩුප්ලිකේට් වාහනයක් හදන්න චීනය කියන රට දෙපාරක් හිතන්නෙ නෑ. අපි ඔය සුපිරියි කියන හැම වාහනයකටම වගේ චීනයේ චයිනීස් වාහනයක් හදල තියෙනවා. ඒ වගේම එයාලම ඩිසයින් කරපු වාහනත් ඕන තරම් තියෙනවා.  අපි ලංකාවට ගෙනල්ල ඇසෙම්බල් කරන මයික්‍රෝ පැන්ඩා එකත්  වගේ චීනයේ  විදිහට ඩිසයින් කරපු එකක්.

0 comments:

Post a Comment