Search

Search YK Vehicle Technology

Thursday 9 December 2021

Car Review – මරූටි ඇල්ටෝ 800 (Maruti Alto 800)

 

 Car Review – මරූටි ඇල්ටෝ 800 (Maruti Alto 800)

ලංකාවේ වැඩිපුරම දකින්න පුළුවන් වාහන වර්ගය ඇල්ටෝ කියන එක නම් බය නැතුව කියන්න පුළුවන් තරමට ඇල්ටෝ වාහන පාරවල් වල වැහි වැහලා. බොහොම දෙනෙක් තමන්ගේ පළවෙනි වාහනය විදිහට ඇල්ටෝ කියන වාහනය ගන්න අවස්ථා බොහෝමයි. ඒ තරමට ලංකාවට ඇල්ටෝ එක හොඳටම පත්තියම් වෙලා තියෙන්නේ. මෙච්චර ගොඩක් ඇල්ටෝ වාහන විකි​ණෙන්න බලපාපු ප්‍රධාන හේතු කිහිපයක්ම තියෙනවා. එකක් තමයි පහුගිය කාලෙක මාර්කට් එකේ ඉතාම අඩු මුදලකට ඇල්ටෝ වාහනයක් ගන්න පුළුවන්කම තිබුණා. ඒ කාලේ ගොඩක් අය රුපියල් පනස්දාහක් ගෙවල වාහන ඕ​ඩර් කළා. එහෙම ගෙවලත් මාසයක් දෙකක් බලන් ඉන්න සිද්ද වෙච්ච කාලයක් ඒක. ඉතින් ගොඩක් අය මේ වාහනේ මිලදී ගන්න උනන්දු උනා. ඒක එක. දෙවෙනි හේතුව තමයි තෙල් වැඩ කිරීමේ හොඳකම. පෙට්‍රල් සුවඳටත් දුවනවා කියලනේ කියන්නේ. අනික් එක ඕන අමතර කොටසක් ගොඩක්ම අඩු මුදලකට ඉතා ලේසියෙන් හොයාගන්න පුළුවන් වීම. කතාව පැත්තට හැරෙන්න කලින් තව දෙයක් කියන්න ඕනෙ. ඒ තමයි ජපන් ඇල්ටෝ සහ ඉන්දියන් ඇල්ටෝ කියල කියන්නේ වෙන වෙනම මොඩල්ස් දෙකක්. අපි අද කතා කරන්නේ ඉන්දියන් ඇල්ටෝ එක ගැනයි.

 

 

1. විශේෂාංග

මේ වාහනය බේසික් වාහනයක් කියන එක ඉන්ට්‍රෝ එකේදිම තේරෙන්න ඇති. ඉතින් විශේෂ අංග විදිහට මුකුත් දකින්න ලැබෙන්නේ නෑ. කොහොම උනත් කලින් මරුටි 800 එකේ තිබුනේ නැති පවර් ස්ටියරින්ග් (Power Steering) පහසුකම මරුටි ඇල්ටෝ එකේ ඇතුලත් කරලා තියෙනවා. Fog Lamp බේසික් මොඩල් එකට එන්නේ නෑ. එත් ඇල්ටෝ K10 එකට එනවා. තව දෙයක් තමයි ඇල්ටෝ 800 එකේ මොඩල්ස් කීපයක් තිබ්බට ලංකාවේ ගොඩක්ම තියෙන්නේ LXi මොඩල් එක ඊට අමතරව VXi කියලත් මොඩල් එකක්  තියෙනවා. ඒත් ඒක ලංකාවේ ගොඩක්ම අඩුවෙන් දකින්න තියෙන්නේ. ඉතා සාමාන්‍ය CD Player එකක් තියෙනවා. ඉස්සරහ දොරවල් දෙකට විතරක් Power Window පහසුකම ලබාදීලා තියෙනවා. ඔච්චර තමයි ඉතින් තියෙන්නේ. හැබැයි මොඩිෆයි කරන්න කැමති අයට ගොඩක් අඩු මුදලකට හොඳ Modifications කරගන්න පුළුවන් වාහනයක්.

 

 

2. ආරක්ෂාව

ආරක්ෂාව සම්බන්ධව ඉතාම අඩු සැලකිල්ලක් තමයි මේ වාහනයේ නිෂ්පාදකයා දක්වල තියෙන්නේ. මේකේ එයාර් බෑග් එන මොඩල් එකේ පවා ඒ පහසුකම තියෙන්නේ රියදුරාට පමණයි. මගියා ම​ළත් කමක් නෑ වගේ එකක් ඒ කියන්නේ. අඩුම ගානේ ABS පහසුකම වත් නෑ මේ වාහනේ. මේ වාහනේ මෙච්චර බේසික් විදිහට හදන්න ගොඩක්ම යොමු වෙලා තියෙන්නේ හැම කෙනෙක්ටම කාර් එකක් ගන්න හැකියාව ඇති කරන්න කියලයි හිතෙන්නේ මොකද මේ වාහනේ ඉන්දියාවේ විකි​ණෙන මුදල ගැන හිතුවොත් ​ඒක ඉතාම අඩු මුදලක්. ඒකට මොකද වාහනේ හදන කොම්පැනියට වඩා අදායමක් ලංකාණ්ඩුව මේ වාහනේට බදු ගහල හම්බ කරනවා. ඉතින් ඉන්දියාවේ ඒ මුදලට දෙන්න පුළුවන් පහසුකම් ටික තමයි මේකට රින්ගවල අටවල තියෙන්නේ. ඊට වැඩි දෙයක් බලාපොරොත්තු වෙනවනම් බලාපොරොත්තු වෙන්න වෙන්නෙ ආණ්ඩුවෙන් තමයි. මොකද ආණ්ඩුව ඊට වඩා ලාබයක් උපයනවනේ. 

 

 

3. තෙල් කාර්යක්‍ෂමතාව

මේන්න මේ වාහනේ හොඳම කෑල්ල. මරුටි කොම්පැණිය නම් කියන්නේ ලීටරයකට කිලෝමීටර් 33ක් වැඩ කරනවා කියල. එච්චර නැති උනත් ලීටරයකට කිලෝමීටර් 20ක් වගේ වෙන්න තෙල් වැඩකරනවා. A/C එහෙම නැතුව ගියොත් නම් 23ක් වගේ වැඩ කරනවා. අනිත් එක මේකේ ටැංකියට ලීටර් 35ක් අල්ලනවා. ඉතින් ලොකු සවාරියක් ගිහින් එන්න පුළුවන් Full Tank එකකින්. 

 

 

4. එන්ජින් එක

සිලින්ඩර් තුනේ 800CC ධාරිතාවයක් තියෙන F8D වර්ගයේ පෙට්‍රල් එන්ජින් එකකින් තමයි මේ වාහනේට බලය දෙන්නේ. 800 ක ධාරිතාවයක් එච්චරම ගැටළුවක් නැහැ මේ වාහනයේ Performance වලට නම්. අවාසියක් විදිහට කියන්න වෙන්නෙ එන්ජින් එකේ සද්දේ ගොඩක්ම හොඳට ඇතුලට ඇහෙන එක තමයි. එහෙම නැතුව කඳු බෑවුම් වල උනත් පිකප් එකේ අඩුවක් නම් නැහැ.

 

 

5. පිටත පෙනුම සහ ඇතුලත පෙනුම

2010 මොඩල් එකෙන් පස්සේ ආපු 2013 මොඩල් එක හාත්පසින්ම වෙනස් පෙනුමක් තියෙන්නේ. වාහනේ පාට ගත්තොත් Silky silver, Glistening Grey, Sunlight copper, Fire Brick Red, Ecru Beige, Superior white හයක්ම තියෙනවා තෝරාගන්න. මුලික පෙනුම Hatchback කාර් එකක් කියල කියන්න වෙන්නෙ. පිටිපස්සේ වීදුරුවට වයිපර් එකක් එන්නේ නෑ. ඇතුලත ප්ලාස්ටික් Dash Board එකක් එක්ක සාමාන්‍ය රෙක්සින් එකකින් මහපු සීට් සෙට් එකක් තියෙන්නේ. මුළු නිමාවම ප්ලාස්ටික් වලින් තමයි කරලා තියෙන්නේ. කොස්ට් එක ගොඩක් අඩුවෙන්න ඒකත් එක හේතුවක්. 

 

 

6. මි​ල

මේ වාහනේ ගන්න කෙනෙක් වාහනේ වටිනාකම වගේ තුන් ගුණයක් විතර බදු විදිහට ගෙවනවා. බ්‍රෑන්ඩ් නිව් ගන්නවානම් ලක්ෂ 23 විතර තමයි උනේ. හැබැයි දැන් 2019 මොඩල් එකත් ඇවිල්ල නිසා කොම්පැණියේ දැන් 2018 හෝ ඊට කලින් මොඩල්ස් නෑ. පාවිච්චි කරපු එකක් ගන්නවානම් ලක්ෂ 18 ඉඳලා හොඳ වාහනයක් හොයාගන්න බැරි නෑ. 

 

 

7. නිගමනය

බයික් එකක් පාවිච්චි කරන කෙනෙක්ට කිසිම ගැටළුවක් නැතුව නිර්දේශ කරන්න පුළුවන් වාහනයක් වගේම පොඩි වාහනේකට යන්න ඉන්න කෙනෙක්ට එහෙම නැත්නම් කට්ට කාල හා හා පුරා කියල සල්ලි ටිකක් එකතු කරන් වාහනයක් ගන්න ඉන්න කෙනෙක්ට නිර්දේශ කරන්න පුළුවන් වාහනයක්. නමුත් ලංකාවේ මේ වාහනේට ගහල තියෙන බදු නිසා අනවශ්‍ය මුදලක් ගෙවන්න වෙනවා. ඒ නිසා බදු එක්ක මේ වාහනේ මිල අසාධාරණ වටිනාකමක් ආරෝපණය වෙලා තියෙන්නේ. එච්චර නම් වටින්නේ නෑ මේක කොහොමත්. ඒත් ඒ මිලට ගන්න තියෙන අනික් වාහන එක්ක බැලුවම ටිකක් හරි හොඳයි කියන්න තියෙන්නේ මේ වාහනේ එක්ක තව මොඩල්ස් එකක් හෝ දෙකක් විතරයි. හැබැයි ආරක්ෂාව සම්බන්​ධයෙන් කිසිම අවධානයක් යොමු කරලා නැති වීම අඩුපාඩුවක්. ඒත් 2019 මොඩල් එකේ නම් යම් යම් ආරක්ෂක විධික්‍රම ඇතුලත් කරලා තියෙනවා කියල තමයි ආරංචිය. ඒ ගැන පස්සේ වෙනම රිවීව් එකක් කරමු. කෙනෙක්ට පුළුවන් නම් තමන්ගේ බජට් එක ටිකක් වැඩි කරගෙන වාහනේකට යන්න, මේ වාහනේට නොයා ඉන්න එක තමයි හොඳ. ඒත් එහෙම බැරිම නම් හැබැයි කරදරයක් නැතුව අවුරුදු පහක් දුවන්න කියපු භාණ්ඩේ.

0 comments:

Post a Comment