Search

Search YK Vehicle Technology

Sunday 19 December 2021

මාර්කට් එකේ තියෙන හොඳ​ම පරණ වාහන - Part 2

 

මාර්කට් එකේ තියෙන හොඳ​ම පරණ වාහන - Part 2

5. Toyota Corolla AE100

කොරොල්ලා 121 එකට කලින් ආපු මේ වාහනෙත් හොඳටම තෙල් කරනවා. මේකෙම CE100 කියල එකක් එනවා. ​ඒක ඩීසල්. ඊට වඩා පෙට්‍රල් මොඩල් එක වෙන AE100 මාර්කට්. ඒ වගේම 1500 එන්ජින් එක මාර්කට් වැඩියි. ඔටෝ මැනුවල් දෙකම ගොඩක් ලංකාවේ දකින්න තියෙනවා. උඩ කතා කරපු 121 එක කොරොල්ලා සීරිස් එකේ නවවෙනි වාහනය වගේ, AE100 කියන්නේ කොරොල්ලා සීරිස් එකේ හත්වෙනි පරම්පරාව. මේකේ SE කියල මොඩල් එකක් තියෙනවා. ඒක ලංකාවේ ටිකක් මාර්කට් වැඩියි (SE කිව්වේ SPECIAL EDITION කියන එක.) දැනට මාර්කට් එකේ තියෙන පරණම සුපිරි වාහනයක් කියල බය නැතුව කියන්න පුළුවන්.

 

 

6. Mazda Familia

ඉහළින් කතා කරපු වාහනවලට සාපේක්ෂව මාර්කට් එක ටිකක් අඩු උනත් ජපන් වාහනයක් විදිහට ලංකාවේ මාර්කට් එකේ තත්ත්වයක් තියාගෙන ඉන්න මොඩල් එකක් තමයි Familia කියන්නේ. මේකේ BJ3P සහ BJ5P කියල ප්‍රධාන මොඩල් දෙකක් තියෙනවා.  BJ3P කියන්නේ 1300cc එන්ජින් එක තියෙන මොඩල් එක සහ BJ5P කියන්නේ 1500cc එන්ජින් එකක් තියෙන මොඩල් එක. මාර්කට් එකේ ටිකක් ගා​ණ අඩු වෙන්න හේතු විදිහට පාර්ට්ස් හොයාගන්න ටිකක් අමාරු වීම, තෙල් කෙරුවාව ටිකක් අඩු වීම කියල කියන්න පුළුවන්. ඒ කොහොම උනත් ධාවනය කරද්දී තියෙන ස්ථාවර බව ඉතාම සතුටුදායකයි. ඔය මොඩල්ස් දෙකේම ප්‍රාඩෝ ලයිට් මොඩල් කියල එකක් ලංකාවේ තියෙනවා. එක නොර්මල් Familia එකට වඩා චුට්ටක් මාර්කට්.

 

 

7. Toyota Vitz

පරණ වාහන පැත්තට දාල කතා කළාට මේ වාහනේ ඉතිහාසය ගොඩක් ඈත නෙමෙයි. විට්ස් එකේ ප​ළවෙනි පරම්පරාව පටන් ගත්තේ 1999 දී. එදා ඉ​ඳල අද වෙනකන් පරම්පරා තුනක මොඩල්ස් මාර්කට් එකට ඇවිත් තියෙනවා. කොහොම උනත් අපි කතා කරන්නේ මේකේ පළවෙනි පරම්පරාවේ මොඩල් එක ගැනයි.  මූලිකම දේ තමයි මේක HATCHBACK කාර් එකක්. අපි මේ කතා කරන මොඩල් එක ECHO සහ YARIS කියන නම් වලිනුත් වෙන වෙන රටවල් වලට නිකුත් කළා. එන්ජින් ගත්තොත් 1.0, 1.3, 1.5 විදිහට හොයාගන්න පුළුවන්. කොහොම උනත් ෆුල් ඔප්ශන් වාහනයක් විදිහට අද වෙනතුරුත් හොදින් මාර්කට් වෙන වාහනයක් කියන්න පුළුවන්. 

 

0 comments:

Post a Comment