Search

Search YK Vehicle Technology

Sunday 19 December 2021

අනාගත වාහන (Part 2)

 

සුඛෝපභෝගී රථ 7

 අනාගත වාහන (Part 2)




4. Porsche Mission E (2020)

 

තත්පර 3.5කින් පැ.කි.මී. 100ක වේගයක් ලබා ගැනීමට හැකි ජවයක් තියෙන මේ පෝෂි කාර් එකේ ඩෑෂ්බෝඩ් එක හෑන්ඩ් ගෙස්චර් වලිනුත් පාලනය කරන්න පුළුවන්. ඒ කියන්නේ ඒසී එක අඩු කරන්න ඕන නම් LED තිරයේ එම කොටස ඉස්සරහට ඇඟිල්ල දික් කරලා සිලෙක්ට් වුණාට පස්සේ අත නිදැල්ලේ ඉහළ පහළ කරද්දී ඒසී එක අඩු-වැඩි වෙනවා. ගියර් එකත් එක්කම තවත් ඩිස්ප්ලේ එකක් (ප්ලේයර් එක ආදිය) තිබෙන අතර ස්පීඩො මීටරයත් හිස එහෙ මෙහෙ කරද්දි ඊට ගැලපෙන ලෙස දෘෂ්ඨි කෝණයේ අවුලක් නැතුවම බලාගන්නට හැකි ආකාරයේ විශේෂාංගයකින් යුතු වෙනවා. මෙයට විනාඩි 15කින් 80%ක චාර්ජ් එකක් ලබාගන්න පුළුවන්.

 

5. Skoda Vision E (2020)

 

හතර වටේම සෙන්සර් තියෙන නිසා ට්‍රැෆික් එකේ වුණත් ඔටෝ පයිලට් මෝඩ් එකෙන් තනිවම යන්නට, තනිව පාක් කරගන්නට සහ පාක් කළ තැනින් ඉවතට එන්න පුළුවන් අපූර්ව හැකියාවන් සෙට් එකක්ම තියෙන මේ ඉලෙක්ට්‍රික් කාර් එකට පැයට කි.මී. 180ක උපරිම වේගයක් ද තිබෙනවා. එන්ජින් දෙකකින් ධාවනය වන මෙහි රෝද හතරටම සමාන බලයන් සපයන නිසා කන්දක වුණත් ඇදලා යන්න පුළුවන්. කරකවන්න පුළුවන් සීට් තියෙන නිසා දොර ඇරලා සීට් එක කරකවාගෙන එළිය පැත්තට හැරිලා ආතල් එකේ ඉන්නත් පුළුවන්.

 

6. Volkswagen ID සහ ID Crozz (2020)

 

කි.මී. 480ක් පැය භාගයක ආරෝපණයකින් ලබා ගන්නා, 83 kWh බැටරියක් ඇති වොක්ස්වැගන් හි ID වාහන ශ්‍රේණියේ මූලික ඉලෙක්ට්‍රික් මට්ටමේ කාර් එක ඉදිරි වසරවලදී වෑන් එකක් වැනි ID Buzz සහ ස්පෝට් කාර් පෙනුමැති ID Crozz යන වාහන මාදිලි දෙකත් එක්ක පැමිණීමට නියමිතයි. 1950දි ආපු මයික්‍රො-බස් පෙනුමක් ID Buzz එකට තිබෙන අතර Crozz එක ස්වයං ධාවන, ඒ කිව්වෙ ඔටෝ පයිලට් හැකියාවක් තිබෙන හයිබ්‍රිඩ් එකක්. ID සහ ID Crozz වාහන දෙකම 2020දී එනවා. බස් එක එන්න නම් 2022-25 වගේ වේවි කියලා තමයි ආරංචිය.

 

0 comments:

Post a Comment