Search

Search YK Vehicle Technology

Thursday 16 December 2021

YK Car Review - පෙරොඩුවා ඇක්සියා (Perodua Axia)

 


YK Car Review – පෙරොඩුවා ඇක්සියා (Perodua Axia)

හා හා පුරා කියල වාහනයක් ගැන රිවීව් එකක් කරන්න කියල අපි හිතුව ගොඩක් අයගේ ඉල්ලීම නිසා. අද අපි තෝරාගත්තේ මැලේසියාවේ විශාලතම මෝටර් රථ නිෂ්පාදන සමාගම වෙන පෙරොඩුවා (Perusahaan Otomobil Kedua Sendirian Berhad) සමාගමේ 2014දී නිෂ්පාදනය පටන් ගත්තු AXIA කියන කාර් එක. මේක ග්‍රීක් වචනයක් කියල තමයි අපිට දැනගන්න ලැබුනේ. ඒ කිව්වේ ΑΞΙΑ කියන වචනෙ. ඒකෙ තේරුම Value වටිනාකම කියන එක. මේ වාහනේ ලංකාවට ගෙන්නන ඒජන්තවරයා විදිහට ඉන්නේ UNITED MOTORS ආයතනය. මේ වාහනේ මොඩල්ස් කිහිපයක්ම තිබ්බත් අදාළ ඒජන්ත ආයතනයෙන් ලංකාවට ගෙන්නන්නේ STANDARD G කියන මොඩල් එක විතරයි. දැන් කතා කරමු මේකේ අනිත් දේවල් ගැන. තව විශේෂ දෙයක් තමයි ටොයෝටා සමාගමෙන් නිෂ්පාදනය කරන ටොයෝටා වීගෝ රථය සහ මේ  Axia රථය පෙනුමෙන් ඉතා සමාන වීම. මේකට හේතුව තමයි Perodua ආයතනය Daihatsu (Japan) ආයතනය එක්ක සම්බන්ධයක් තිබීමත් Daihatsu (Japan) ආයතනය ටොයෝටා ආයතනය එක්ක යම් සම්බන්​ධතාවයක් තිබීමත් කියල තමයි දැනගන්න ලැබෙන්නේ.

 

 

1. ඔප්ෂන්ස් (Options)? 

මේ වාහනේ ඔප්ෂන්ස් ගැන කතා ක​ළොත් සාමාන්‍ය වාහනේක තියෙන ඔප්ෂන්ස් ඔක්කොම ඇතු​ළත් කියල කියන්න පුළුවන්. මේ හැම ඔප්ෂන් එකක්ම බජට් වාහනේකට වඩා ප්‍රිමියර් වාහනේක හැඟීම පාරිභෝගිකයාට දැනෙන්න නිර්මාණය කරලා තියෙනවා කියලත් කියන්න පුළුවන්. ඔන්න ඔය පහලින් දාල තියෙන ඔප්ෂන්ස් තමයි නිෂ්පාදක ආයතනය මේ වාහනේට ඇතු​ළත් කරලා තියෙන්නේ. 

AudioRadio with USB
Speakers4 Speakers
Multi-info DisplayYes
Power SteeringYes
Power WindowYes (Front & Rear)
Central LockingYes
Seat height adjusterYes
Reverse sensorsYes
Carpet matsYes
Rear WiperYes
Power MirrorsYes

 

 

2. ආරක්ෂාව?

වාහනයක ආරක්ෂාව කියන දේ ඉස්සර එච්චර වැදගත් නොවුනත් දැන් කාලේ වාහන අනතුරු බහුල වීමත් එක්ක ගොඩක් වැදගත් දෙයක් වෙලා තියෙනවා. ඉතින් මේ Axia කාර් එකෙත් සේෆ්ටි ඔප්ෂන්ස් ඇතු​ළත් කරන්න නිෂ්පාදකයා කටයුතු කරලා තියෙනවා. පළවෙනි එක,  ඩ්‍රයිවර්ට සහ ඉස්සරහ පැසෙන්ජර්ට එයාර් බෑග් දෙකක් එකතු කරලා තියෙනවා. අනිත් එක ABS (Anti-Lock Braking System) සහ EBD (Electronic Brakeforce Distribution) තාක්ෂ​ණයත් එකතු කරලා තියෙනවා වාහනයට බ්රේක් ගැසීම් නිසා වෙන්න පුළුවන් අනතුරු අවම කරන්න. 

 

 

3. තෙල් කාර්යක්‍ෂමතාව?

නිෂ්පාදකයා සඳහන් කරන විදිහට මේ වාහනයට නිර්දේශ කරන්නේ ඔක්ටේන් 95 හෝ ඊට වැඩි අගයක් සහිත ඉන්ධන. එයාල කියන විදිහට ලීටරයකට කිලෝමීටර් 21ක් ධාවනය කරන්න පුළුවන්ලු. නමුත් ලංකාවේදී අපිට මේකෙන් ඒ වගේ ප්‍රමාණයක් බලාපොරොත්තු වෙන්න බෑ. උපරිම කිලෝමීටර් 16ක් වගේ තමයි ලංකාවේදී තෙල් වැඩ කරන්නේ.

 

 

4. එන්ජින් එක?

1000cc ධාරිතාවයක් තියෙන සිලින්ඩර් 3ක DOHC,12V, EFI එන්ජින් එකක් තමයි මේකට පාවිච්චි කරලා තියෙන්නේ VVTi තාක්ෂ​ණය එක්කම. ලීටර් 33ක ධාරිතාවයක් තියෙන ඉන්ධන ටැංකියකුත් පාවිච්චි කරලා තියෙනවා.

 

 

5. පිටත පෙනුම?

Cherry Blossom, Ebony Black, Glittering Silver, Ivory White, Lemongrass Green සහ Midnight Blue කියන වර්ණ හයකින්ම මේ වාහනේ ලබාගන්න පුළුවන්. ඉස්සරහින් පටන් ගත්තොත් ඉස්සරහ ෂෙල් එක සිල්වර් පාට ලයින් එකක් එක්ක නිර්මාණය කරලාත් තියෙනවා. ​ඒකෙන් මේ වාහනේට ගොඩක් ප්‍රිමියර් ලුක් එකක් එකතු කරලා තියෙනවා. ප්‍රධාන ලාම්පු 2016 මොඩල් එකේදී හැලොජෙන් ලාම්පු භාවිතා කරලා තිබුනත් 2017 ඉඳල ප්‍රොජෙක්ටර් ලාම්පු තමයි යොදාගෙන තියෙන්නේ. එක හොඳ ප්‍රගතියක් පාරිභෝගිකයාගේ පැත්තෙන් බැලුවොත්.පැති කණ්ණාඩි දෙකත් Electric Retractable විදිහට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. පිටිපස්සේ ලාම්පු LED ලාම්පු විදිහට තමයි බලාගන්න පුළුවන් වෙන්නෙ. වාහනයේ උස ඉතාම සතුටුදායකයි කියල කියන්න පුළුවන්. ලංකාවේ පාරවල් වලට ඔරොත්තු දෙන විදිහට මි.මී 165ක උසකින් වාහනය සකස් කරලා තියෙනවා. ඒ නිසා වල ගොඩැලි සහිත පාරක උනත් යන්න පුළුවන්කම තියෙනවා.

 

 

6. ඇතු​ළත පෙනුම?

ඉදිරි සහ පසුපස ආසන සියල්ලම High Grade Fabric වලින් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. Seat back pocket, Bottle holder, Cup holder කියන දේවල් ඉස්සරහ ආසන වලට වගේම පිටිපස්සේ ආසන වලටත් ලබා දීල තියෙනවා. ඉස්සරහ ආසන දෙකේ විතරක් Adjustable Head Rest තියෙනවා. සම්පූර්ණ Dash Board එකම ප්ලාස්ටික් වලින් තමයි හදල තියෙන්නේ. කොහොම උනත් ඇතු​ළේ පෙනුම නම් ගොඩක්ම හොඳයි සතුටුදායකයි කියල කියන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව.  අනිත් එක පිටිපස්සේ තුන්දෙනෙක්ට පහසුවෙන් යන්න පුළුවන් තරම් ඉඩක් ඇතුව තමයි මේ වාහනය නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම ලීටර් 260ක ඉඩක් පිටිපස්සේ ඉතුරුකරලා තියෙනවා බඩු බාහිරාදිය දාගෙන යන්න. ඒ ඉඩ ප්‍රමාණවත් නැත්නම් පිටිපස්සේ ආසන දෙ​ක පහත් කරලා තව ඉඩ ලබාගන්න පුළුවන්.

 

 

7. මි​ල?

මේ වාහනයේ මි​ල රුපියල් ලක්ෂ 37ක් විතර වෙනවා. මේ වාහනේ එක්ක ගොඩක්ම සමාන ටොයෝටා වීගෝ කාර් එකත් එක්ක බැලුවම මේ වාහනේ ගොඩක් ලාබයි. අනිත් එක මේ රේන්ජ් එකේ මේ මිලට මේ ඔප්ෂන්ස් එක්ක ගන්න වාහනයක් නැති තරම්. ඒ නිසා අවසාන වශයෙන් කියන්න පුළුවන් ගෙවන මුදලට ඉතාම හොඳ වටිනාකමක් දෙන්න නිෂ්පාදකයා ගත්තු උත්සාහය සාර්ථකයි කියල.

0 comments:

Post a Comment