අවුට්ලැන්ඩර් Mitsubishi Outlander PHEV

Hybrid සිංහලෙන් පිටුවෙන් අද හදුන්වලා දෙන්නෙ ලෝකයේ ප්රථම ෆෝ වීල් ඩ්රයිව් (4WD) ප්ලග් ඉන් Hybrid (PHEV) රථය වන මිට්සුබිෂි සමාගම විසින් නිපද වූ අවුට්ලැන්ඩර් (Mitsubishi Outlander) රථයයි. මේක ජීප් එකක් කියලත් කියන්න පුලුවන්. ඒත් සුදුසුම වචනයනම් SUV Hybrid එකක් කියන එකයි. (SUV = Sport utility vehicle or suburban utility vehicle)

hybrid-technology-in-sinhala-6
Android සහ iOS ඔපරේටින් සිස්ටම් සතු ස්මාට් දුරකථන (Smart Phones) හා ටැබ්ලට් පරිඝණක (Tab) මගින් මෙම රථයේ උපාංග පාලනය කිරීම සදහා සුවිශේෂ වූ ඇප් (App) එකක්ද මිට්සුබිෂී සමාගම විසින් හදුන්වල තියෙනවා. සාමාන්යේය ආකාරයටම ඇප් ස්ටොර් මගින් මෙම ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්. A/C පද්ධතිය, ඉදිරිපස හා පසුපස ඇති සියලුම ලයිට්ස් වගේම මුලු වාහනයේම තියෙන ලයිට්ස්, බැටරිය ආරෝපණය කල යුතු වේලාවන් වාගේ වාහනයේ සියලුම දේවල් මේ ඇප් එක මගින් පාලනය කරන්න පුලුවන්. මේ ගැන ඡායාරූප කිහිපයක් මෙම ලිපියේ අවසානයට දකින්න පුලුවන්.

Outlander රථය පැට්රොල් සහ ඩීසල් යන දෙවර්ගයෙන්ම මිලදී ගන්න පුලුවන්. ඒත් මෙම ඉලෙක්ට්රික් ප්ලග් ඉන් Hybrid රථයනම් 2.0 පැට්රෝල් එන්ජිමකින් සහ විදුලි මෝටර යුගලයකිනුයි බල ගැන්වෙන්නේ.
මතකයිනේ කලින් බැටරි ගැන අපි කතා කලා ? කියවන්න බැරි වුනානම් මෙන්න ලින්ක් එක……(https://www.facebook.com/868993529825637/photos/a.869148829810107.1073741827.868993529825637/869152349809755/?type=1)
ඒකෙදි මම බැටරි වර්ග ගැන විස්තර කලා. අද අපි කතා කරන මෙම Outlander එකේ තියෙන්නේ ලිතියම් අයන වර්ගයේ කිලෝ වොට් 12 බැටරි පැක් එකකුයි. වෝල්ට් 300ක විදුලියක් මෙම බැටරි පැක් එක සතුය. (12 kilowatt-hour lithium-ion Drive battery pack.)

කලින් කිව්වනේ මේකෙ විදුලි මෝටර 2ක් තියෙනව කියලා. මේ මෝටර දෙකම කිලෝ වොට් 60යි. මේවා ස්ථානගත කරලා තියෙන්නේ ඉදිරිපස සහ පසුපස වශයෙනුයි. මේ මෝටර ස්වාධීන විදුලි මෝටර කියලයි හදුන්වන්නේ. ඒකට හේතුව මේවා ක්රියාත්මක වෙන්නේ තනි තනිවමයි.

සාමන්ය්යෙන් මෝටර් රථයක් ගමන් කරන විටදී එහි ඉදිරිපසට සහ පසු පසට අවශ්යථය බලය එක සමාන වෙන්නේ නැහැ. අවශ්යවය බලය වෙනස්. ඒ නිසා තමයි මිට්සුබිෂි සමාගම මේ රථයට ඉදිරිපස සහ පසුපස වශයෙන් විදුලි මෝටර දෙකක් යොදාගෙන තියෙන්නේ. ඒ ඒ මොහොතේ ඇක්සල් දාමයට අවශ්ය ය විවිධ වූ බලය, කිලෝ වොට් 12 බැටරි පැක් එකට කෙලින්ම සම්බන්ධ මෙම කිලෝ වොට් 60 විදුලි මෝටර දෙකෙන් ස්වාධීනව උපරීමයෙන් පහසුවෙන් ලබා ගැනීමට හැකි බවයි සමාගම පවසන්නේ. එම බලයෙන් සහ 2.0 පැට්රෝල් එන්ජිම මගින් ලැබෙන බලය මුසු වූ විට මෙම රථය අසමසම සුපිරි බලයකින් ජවසම්පන්න බවයි ඔවුන් හදුන්වාදීමේදි පවසල තියෙන්නේ.

hybrid-technology-in-sinhala-5

 

මේ Outlander PHEV රථයේ ඩ්ර යිවින් මෝඩ් 3ක් තියෙනවා.

01. ඉලෙක්ට්‍රික් රථ රියදුරු ආකාරය (EV Drive Mode)
02. ශ්රේ්ණිගත දෙමුහුන් රියදුරු ආකාරය (Series hybrids Drive Mode)
03. සමගාමී දෙමුහුන් රියදුරු ආකාරය (Parallel hybrids Drive Mode)

මතකයිනේ Hybrid කියන්නේ මොකක්ද කියලා මේ පිටුවෙන් මුලින්ම අපි කතා කලා. (https://www.facebook.com/permalink.php?story_fbid=869152499809740&id=868993529825637&substory_index=0)
ඒකෙදි අපි Hybrid වර්ග ගැන කතා කලා.

විදුලි රථ රියදුරු (EV Drive Mode) ආකාරයේදී, යා හැකි දුර පරාසය සැතපුම් 30 ඒ කියන්නෙ කිලෝ මීටර 48.28 ක් ලෙස තක්සේරු කරල තියෙනවා.
මේ රථයේ තියෙන 2.0 පැට්රෝල් එන්ජිම ඔවුන් නම් කරලා තියෙන්නේ 4B11 ලෙසයි. ඉතින් මේ 4B11 2.0 පැට්රො ල් එන්ජිම සතු බලය, නිෂ්පාදනය උපරිම මට්ටමක තියාගන්න අවශ්ය නිසා එන්ජිමට මිට්සුබිෂි නවීන Valve Timing විද්යුරත් පාලන පද්ධතිය එනම් MIVEC (Mitsubishi Innovative Valve timing Electronic Control system) එක සවි කරලා තියෙනවා.

විශේෂයෙන්ම කියන්න ඕන මේ රථයේ එන්ජිමේ හඩ පිළිබදව. මේකෙ එන්ජින් කාමරය ශබ්දය පිටතට නොයන ආකාරයට සවුන්ඩ් පෘෆ් (Saound Proof) කරලා තියෙනවා. ඇත්තටම ඉලෙක්ට්රිසක් මොඩ් (EV Drive Mode)එකේ රථය ගමන් කරනකොටනම් ශබ්ද්යක් නැති තරම්. එන්ජිම් ක්රි යාත්මකව පවතිද්දී වුනත් ඉතාම් සුලු ශබ්දයක් පමණයි නිකුත් වන්නේ.