Search

Search YK Vehicle Technology

Thursday 16 December 2021

බී එම් ඩබ්ලිව් (BMW) Part -2 ඉතිහාසය

 


මියුනික්හි පිහිටා ඇති බී.එම්.ඩබ්ලිව් ආයතනයේ මූලස්ථානය. ගොඩනැගිලි සහ කෞතුකාගාරය පසුපස දකුණුපස දිස්වේ.

බී.එම්.ඩබ්ලිව් ආයතනය 1917දී ආරම්භ කරන ලද්දේ රැප් මෝටොරෙන්වෙර්ක් ( Rapp Motorenwerke ) යන ජර්නමානු ගුවන්යානා නිෂ්පාදන ආයතනය ප්‍රතිසංස්කරණයෙනි. 1918දි දෙවන ලෝක යුද්දයේ අවසානයත් සමඟ වර්සිලිස් අර්මිස්ටිස් ( Versailles Armistice ) ගිවිසුම්ප්‍රකාරව ගුවන්යානා එන්ජින් නිෂපාදනය අත්හිටුවන්නට බී.එම්.ඩබ්ලිව් ආයතනයට සිදුවිය. මුලින්ම මෝටර් බයිසිකල් නිෂ්පදනයට යොමු වූ මොවුන් පසුව මෝටර් රථ නිෂ්පදනයට යොමු විය.


බී.එම්.ඩබ්ලිව් ආයතනයේ ලාංඡනය පැවත එන්නේ රැප් මෝටොරෙන්වෙර්ක් ගුවන්යානා නිපාදන ආයතනයේ ලාංඡනයෙනි. මෙහි එන නිල් සහ සුදු පැහැය බෙවෙරියාවේ ප්‍රාදේශීය කොඩියේ එන වර්ණ වලින් ලද ඒවායි. තවද එමඟින් ගුවන්යානයක අවර පෙත්ත නිල් අහසෙදී කැරකෙන විට මැවෙන සිතුවමක අකාරයක් ගැනීමටද හැඩගස්සවා ඇත.

1959 වන විට බී.එම්.ඩබ්ලිව් ආයතනයේ කොටස් මිල පහත වැටී තිබුනු අතර මේ ගැන සාකච්ඡා පැවැත්වීමට කොටස්කරුවන් හමුවිය. මෙහිදී ආයතනය ඈවර කිරීමට වඩා දිගටම පවත්වාගෙන යාම සුදුසුයැයි තීරණය විය. මෙහි ඊලඟ පියවර වශයෙන් ඉතාලි ජාතික Iso Isetta නම් වූ කුඩ ප්‍රමාණයේ මෝටර් රථයේ නිෂ්පාදන අයිතීන් මිලදීගෙන එයට විකරණය කරන ලද බී.එම්.ඩබ්ලිව් මෝටර් බයිසිකල් එන්ජිමක් සවිකල වෙළඳපොලට ඉදිරිපත් කරන ලදි. මෙයින් ලද මධ්‍යස්ථ ලාභ වලින් නැවත සාමාන්‍ය ක්‍රියාකාරිත්වයට පිවිසීමට ආයතනයට හැකිවිය. කොටස් කරුවන් අතර බහුතර කොටස් හිමිකාරිත්වය ඇත්තේ ක්වන්ඩ්ට් ( Quandt ) පවුල සතුවයි. ඔවුන් සතුව මුළු කොටස් ප්‍රමාණයෙන් 46%ක් ඇති අතර ඉතිරිය මහජන පාවීමට ඉඩහැර ඇත.

බී.එම්.ඩබ්ලිව් ආයතනය 1966දී ජර්මානු ජාතික හාන්ස් ග්ලාස් ( Hans Glas ) මෝටර් රථ ආයතන තමන් යටතට පවරා ගන්නා ලදි. මෙම පවරාගැනීමේ ප්‍රධාන අරමුණ හාන්ස් සමාගම සතුව තිබූ කැමි ඉද්ද හා සබැඳුනු තාක්ෂණය ලබාගැනීම බව ප්‍රසිද්ධ කරුණකි.  ග්ලාස් නිෂ්පාදිත වාහන බී.එම්.ඩබ්ලිව් විසින් මුළුමනින්ම එම ආයතනය පවරාගන්නාතුරු බී.එම්.ඩබ්ලිව් ලාංඡනය දරාගෙන වෙළඳපොලට නිකුත්විය.

1992දී බී.එම්.ඩබ්ලිව් ආයතනය විසින් කැලිෆොනියාවේ ස්තාපිත ඩිස්යින්වර්ක්ස් යූඑස්ඒ ( DesignworksUSA ) නම් කාර්මික මෝස්තර චිත‍්‍රාගාරයෙහි විශාල කොටස් ප්‍රමාණයක් මිලදී ගත් අතර 1995දී සියළු කොටස් මිලදී ගන්නා ලදි. 1994දී බ්‍රිටිෂ් රොවර් සමූහය පවරාගත් අතර ( එකල්හි එම සමූහයට අයිතිව ලෑන්ඩ් රෝවර්, රෝවර් සහ එම්.ජී යන මෝටර් රථ නාම සහ ඔස්ටින් සහ මොරිස් යන මෝටර් රථ බෙදහැරීමේ අයිතීන්ද පැවතුණි.) එය අවුරුදු 6ක් තමන් සතුව තබාගන්න ලදි. 2000 වන විට රොවර් සමාගම විශාල වශයෙන් පාඩු ලබන තත්වයට පත්වතිබූ අතර එමනිසා බී.එම්.ඩබ්ලිව් ආයතනය එම සමුහය විකිණීමේ තීරණය ගන්නා ලදි. එම්.ජී සහා රෝව්‍ර් නාම ෆීනික්ස් සමුළුවට පවරදුන් අතර පසුව එය එම්.ජි රෝවර් ලෙස ස්ථාපිත විය. ලෑන්ඩ් රෝවර් නාමය ෆෝර්ඩ් ආයතය විසින් පවරා ගත් අතර බී.එම්.ඩබ්ලිව් ආයතනය මිනී නිෂ්පාදන අයිතීන් තමන් සතුව තබාගත් අතර 2001 දී අලුත් මිනී මාදිලිය එලිදක්වන ලදි.

2009 පෙබරවාරි මාසයේදී ප්‍රධාන මෝස්තර රචක ක්‍රිස් බැන්ගල් (Chris Bangle) අවුරුදු 17ක තමාගේ සේවයෙන් තමන්ගේ නික්මයාම දන්වා සිටියා. ඔහුගේ තනතුරට අළුතින් පත්වූයේ ඒඩ්‍රියන් වෑන් හූය්ඩුක්ය(Adrian van Hooydonk ). බැන්ගල් ඔහුගේ රුඩිකල්වාදී වාහන මෝස්තර වලට නම්දරා සිටි අතර ඒව අතරින් 2002 7-Series සහ 2002 Z4 මාදිලි ප්‍රධාන තෑනක් ගනී. 2007දී හුක්ස්වර්නා මෝටර් බයිසිකල් නිෂ්පාදන අයිතීන් යුරෝ මිලියන 93කට බී.එම්.ඩබ්ලිව් ආයතනය විසින් මිලඳි නගන්න ලදි. එම ආයතනයේ නිෂ්පාදන, ගොඩනැගීම් සහ වෙලඳාම් කටයුතු පෙර පරිදිම පෙර තිබූ ස්ථානවලම පවත්වාගෙනය‍යි.

2012 ජූනි මාසයේදී Forbes.com විසින් කරන ලද සමීක්ෂණයකටණ අනූව බී.එම්.ඩබ්ලිව් ආයතනය ලොකයේ නම්දරා ඇති ආයතන අතරින් ප්‍රථම ස්ථානය ලබාගන්නා ලදි. මෙම ශ්‍රේණිගත කිරීමේදී නිෂ්පාදන මිලදී ගැනීමට, නිර්දේශ කිරීමට, එහි රැකියාව කිරීමට සහ එහි ආයෝජනය කිරීමට මහජනයා තුල ඇති කැමැත්ත මූලිකව සළකා බලනලදි.

0 comments:

Post a Comment