Search

Search YK Vehicle Technology

Monday 7 February 2022

මොකද්ද මේ O/D එක ??

 

මොකද්ද මේ O/D එක ???

ODoff.jpg
හරි වල පල් නැතුව අද කෙලින්ම කතාවටම බහින්නම්. වෙන මුකුත් හින්දා නෙමෙයි මේ දවස් වල එකෙක් කරපු beep beep වැඩක් නිසා මන් හෙන අවුලෙන් ඉන්නෙ. ඉතින් අදහස් මුකුත් හිතට එන් නෑ.. ඒ නිසා කෙලින්ම සිද්දියට බහිමු. :/

අද අපි කතා කරන්න යන්නෙ ඔය උඩ පින්තූරෙ තියන බොත්තම ගැන. බැලුවම නිකන් ලබු ඇටයක් විතර බොත්තමක් වුනාට ඕකෙන් ලොකු වැඩක් වෙනවා. ඔය බොත්තම අපිට දකින්න ලැබෙන්නෙ පරණ  Auto Gear වාහනවල විතරයි. පරණ කියන්නෙ ඉතින් ගොඩක්ම පරන නෙවේ, දශකයකට දෙකකට විතර කලින් හදපුවා. ඕ ඕ දශකයක් කියන්නෙ අවුරුදු 10 ක් තමා. ඔය රතුපාට රවුමක් ඇදලා තියෙන්නෙ මේ කියන බොත්තම තමා.


හරි එහෙනම් පටන් ගමු. O/D කියන එකේ තේරුම තමා Over Drive කියන එක. over කියන්නෙ සාමාන්‍යයෙන් “නියමිත ප්‍රමානයට වඩා වැඩියෙන්” කියන අර්ථය නෙ. drive කියන එකේ අර්තෙ ඉතින් දන්නවනෙ. ඉතින් Over Drive කියන්නෙ “නියමිත ප්‍රමාණයට වැඩියෙන් එළවීම” වගේ අර්ථයක්. නියමිත ප්‍රමානයට වඩා කිව්වට එහෙම කේස් එකක් ඕකෙන් වෙන්නෑ, ඒ නිසා ඒ ගැන බය වෙන්න එපා ඉස්සරහට කියන්නම මොකද වෙන්නෙ කියලා… 🙂

Manual Transmission එකක් තියන වාහනේකනම් ඔනෙ කෙනෙක්ට පේන්න වාහනේ ගියර් ලීවර් එකේ ගියර් වල ඉලක්කම් ලියල තියනවනෙ. 1, 2, 3, 4,5 එහෙම කියලා. තව තියන එව්වෑ ඉතින් තව තියනව… හැබැයි Automatic Trans. එකක් තියන වාහනවල අපිට එහෙම එකපාරට මේක ගියර් කීයකින් යුතු එකක්ද කියලා එක පාර බලාගන්න විදියක් නෑ. පරන ඒවෑ තියෙන්නෙ P R N D 1 2 කියලා විතරයි. පස්සෙ ඕක P R D S L වුනා . කොහොමත් Transmission එකේ ඉලක්කම මාරු වෙනවා බලන්න බෑ. ඔය දැන් කිව්වෙ වෙන සීන් එකක් හරිද. පටලවගන්න එපා.
ඒවුනාට මෙ මැනුවල් ගියර් වාහනවල වගේ ඔටෝ ඒවෑත් ඉස්සරහට මාරුවෙන යම් කිසි ගියර් සන්ක්‍යාවක් තියනවා. ඒක ගොඩක් වෙලාවට මැනුවල් එකකට වඩා අඩුයි. ඒ කියන්නෙ ගොඩක් වෙලාවට 4ක් වගේ තමයි තියෙන්නෙ. ( දැන් ඉතින් කියන්න එපා ඊට වඩා තියනවා කියලා. මාත් දන්නවා තියනවා කියලා ඒ වුනාට අපි මේ සාපේක්ශවනෙ කතාකරන්නෙ )  😀

ඉතින් එතකොට මේ ගියර් ගාන යම්කිසි විදිහකට පාලනය කරන්න තමයි O/D button එකක් එන්නෙ. මේකෙ ක්‍රියාකාරීත්වය මෙහෙමයි. උදාහරණෙකින් පැහැදිලි කරන්නම සරලව, එතකොට වැඩේ ලේසී ඒකයි.

හිතන්නකො මේ Automatic Gearbox එකේ ගියර් 5ක් තියනවා කියලා. අපි OD OFF කරලා තිබ්බොත් උපරිම වැටෙන්නෙ 4 වෙනි ගියර් එකට විතරයි. එතනින් එහාට වැටෙන්නෑ. ඊට පස්සෙ 5 ගියර් එකට දාන්න ඕන්නම් OD ON කරන්න ඕනෙ. එතකොට වාහනේ පවර් එක වැඩිවෙනවා. 5වෙනි ගියර් එකට මාරුවෙනවා.
ඕක තමයි සරල සිද්දිය…තේරුනාද මන්දා… 😀

Over Drive Button එකෙන් ඇත්තටම වෙන්නෙ වාහනය පාලනය කිරීමක්. අපි පල්ලමක වගේ යනවනම් OD OFF කරලා තියන එක වඩාත් සුදුසුයි. ඒත් Highway එකක වගේ යනවනම් අනිවාරෙන් OD ON කරලා තියෙන්න ඕනෙ. OD ON නොකර තිබ්බොත් අවුල්ද කියලා ප්‍රශ්නයක් තියනවනම් ඒකට උත්තරේ “අනිවාරෙන්ම ඔව්” ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා. කලින් උදාහරණෙම උදාහරණෙට ගත්තොත්..
(නෑ මෙතන උදාහරණෙ කියලා දෙපාරක් තිබ්බට උදාහරණ දෙකක් ගත්තෙ නෑ. එකම උදාහරණෙ තමයි දෙපාරක් උදාහරණෙට අරන් තියෙන්නෙ උදාහරණයක් විදිහට ගත්තොත් අර ශුද්ධ ගණිතයේදි සමහර උදාහරණ වලට කලින්  උදාහරණෙ ආදේශයෙන් උදාහරණයක් ගන්නෙ අන්න ඒ විදියට උදාහරණෙ දෙපාරක් උදාහරණෙට අරන් තියෙන්නෙ. 🙂 පැටලුන් නෑ නේ?? )

highway එකක යද්දි ගොඩක් වෙලාවට වාහනේ ත්වරණය වේගයෙන් වැඩිවෙලා ප්‍රවේගය ඉහල අගයකනෙ ධාවනය වෙන්නෙ. එතකොට 5 වෙනි ගියර් එකට මාරුවෙන් නැතුව 4 වෙනි ගියර් එකේ උපරිමේටම පෑගෙනවා. ඒ කියන්නෙ අගය රතු කට්ටෙටම නගිනවා. RPM Meter එකක් තියන වාහනේකනම් හොදයි. නැති එකක් එහෙමනම් දන්නෙම නැතුව Engine එක Heat කරනවා. ඉතින් අපි දන්න දෙයක් තමයි ගොඩාක් වැඩි RPM අගයක එක දිගට ධාවනය කරන්න හොද නෑ කියන එක. එහෙම කරන එක Gear box එකට බලපානවා වගේම එන්ජින් එක අනිවාරෙන්ම Heat කරන්න බලපානවා. ඉටින් ඔච්චර කියන්න දෙයක් නෑ OD එක ON  කරන් ඉන්නකො වැඩේ ඉවරයිනෙ  🙂

ඊලගට කියන්න ඕනෙ දේ තමයි සාමාන්‍යයෙන් Dashboard එකේ Indicate කරන්නෙ Over Drive button එක OFF එකේ තිබුනාම. උදාහරණෙනම් පටලව ගත්තත් කමක් නෑ මේක පටලව ගන්න එපා.එක පාරක් අපේ ක…. නෑ ඒ කතාව ඕන් නෑ. කොහොමහරි Dashboard එකේ Indicate කරන්නෙ OD OFF කරල තියෙන වෙලාවට. පහල Photo එකෙන් බලන්නකො.
overdrive

තව වටින දෙයක් කියන්නම්, Wikipedia වෙබ් අඩවිය කියනවා 40Mph ට වඩා ඒ කියන්නෙ ආසන්න වශයෙන් 70Kmph ට වඩා වේගයෙන් ධාවනය කරනවනම් අනිවාරෙන් OD ON එකේ තියන්නලු.
OD ON එකේදි තෙල් වැඩකරන එකේ වෙනසක් වෙනවද කියලා සමහරුන්ට දැන් ප්‍රශ්නයක් මතුවෙලා ඇති. තවත් සමහරු හිතනවා ඇති OD ON එකේදි Fuel Consumption එක අඩු වෙනවා කියලා…සාධාරණයි සාධාරනයි එහෙම හිතෙන එක සාදාරnaයි. (දැක්කද සාධාරණයි කියන වචන තුනේ ‘නයන්න’ තුන් විදියකට ලියලා තියෙන්නෙ 🙂  ඇයි කියලා දන්නවද? නෑ නෙහ්?? මන් සාධාරනයි කියන්න එන්නෙ මොන “ණ යන්නද” කියලා දන්නෑ ඒකයි.)  නෑ එහෙම වෙනසක් වෙන්නෑ. OD ON කිරීම තුලින් Fuel Consumption  එක වැඩි වෙනවා කියලා සමහරු කියනවා. ඒත් මන්නම් ඒ ගැන දන්නෑ. logic එක අනුවනම් තෙල් වැඩියෙන් වැඩ කරන්න ඕනි. 🙂

Button එක ගැන පරණ විස්තරනම් අද දාන්න යන් නෑ. මට දැන් නිදිමතයි ඒ නිසා. එහෙම දැනගන්න ඕනෙ කෙනෙක් ඉන්නවනම් මෙතනින් ගිහින් බලන්න.
OD Button එක ගැන Youtube Concept  එකකුත් මෙතනින් ගිහින් බලන්න පුලුවන්

එහෙනම් මන් ගියා ජය මාතා ජී ! ගුඩ් නයිට් වේවා… !! 😀

0 comments:

Post a Comment